ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා නායක හෂාන් තිලකරත්න පත්කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ පන්දු රැකීමේ පුහුණුකරු තනතුර සඳහා දිගු කලක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන උපුල් චන්දන පත්කළ බවයි.