පෞද්ගලික බස් සංගම් කිහිපයක් වැඩවර්ජනයක් දියත් කරන අද දිනයේ ශ්‍රී ලංකා ගමනාගමන අධිකාරියට අයත් බස් රථ 12 කට පමණ ප්‍රදේශ කිහිපයකදී ප්‍රහාර එල්ල වී ඇති බව එහි සභාපති රමාල් සිරිවර්ධන පවසනවා.
මිරිස්වත්ත, යක්කල, බටලීය, දඹදෙණිය, කුලියාපිටිය, මාතර, තංගල්ල සහ මීගමුව යන ප්‍රදේශවලදී මෙලෙස තම බස් රථවලට ප්‍රහාර එල්ල වී ඇති බවයි ඔහු සදහන් කළේ.
ඒ අනුව, ශ්‍රී ලංගම බස් රථ සදහා ආරක්ෂාව ලබාදෙන ලෙස පොලිසියෙන් ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන වැඩිදුරටත් කියා සිටියා.