2014 ලෝක කුසලාන පා පන්දු තරගාවලිය මෙවර පැවැත්වීමට නියමිතව තිබෙන්නේ බ්‍රසීලයේදීයි. දකුණු ඇමරිකානු රටක් වන බ්‍රසීලය රාත්‍රී සැණකෙළි හා සමාජ ශාලා සඳහා ලොව සුප්‍රසිද්ධ රටක් වනවා. ඊටත් වඩා විශේෂයෙන්ම ලිංගකත්වය නැතහොත් බ්‍රසීලයේ සුන්දර ගණිකාවන් ලොව ඉතා ප්‍රසිද්ධයි.
මෙහි නවතම තොරතුර වන්නේ 2014 ලෝක කුසලාන පා පන්දු තරගාවලියට ලොව විවිධ රටවල් වලින් පැමිණෙන ක්‍රීඩාලෝලීන්ගේ විනෝදය සදහා සෑම අවශ්‍යතාවයක්ම සපයන බ්‍රසීලය එරට ගණිකාවන්ද ඔවුන්ගේ උවමනා එපාකම් සදහා සූදානම් කරමින් සිටිනවා.
ඒ මෙසෙයි. එම ගණිකාවන් සදහා ඉංග්‍රීසි භාෂාව පුහුණු කිරීමේ වැඩසටහන් මාලාවන් ආරම්භ කිරීම, එසේම සිය ලිංගික කටයුතු සදහා ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට තොරතුරු ලබාදීමයි.
එපමණක් නොවෙයි, මෙම තරගාවලියේ නිළ කොන්ඩම් සමාගම ලෙස කටයුතු කරනවා. ඒ පෘඩන්ස් සමාගමයි. එම සමාගම සිය අලෙවි ප්‍රවර්ධන වැඩසටහන නම් කර තිබෙන්නේ Protect The Goal යන නමින්. 2014 ලෝක කුසලාන පා පන්දු තරගාවලිය ජුනි 12 වනදා ආරම්භවීමට නියමිතයි.