ගෘහ සේවය සඳහා විදෙස් ගත වූ ශ්‍රී ලාංකික කාන්තාවන් 300කට වැඩි පිරිසක් පසුගිය වසර තුළ ගැබිණියන් ලෙස මෙරටට යළි පැමිණි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් සදහන් කළේ මැදපෙරදිග රටවලදී ගැබිණියන් බවට පත්වූ ශ්‍රී ලාංකික කාන්තාවන් රැසකට සිය චර්යාව හේතුවෙන් එම තත්ත්වය උදා වී ඇති බවයි.