‘පලිබෝධනාෂක අනතුරු සහිතයි‘ කියලා ගහපු බෝතල් කීයක් ඔබේ ගෙදර තියෙනවද? ‘මෙහි දර්ශණ අනුකරණය නොකරන්න‘ කියන සෙකපි කීයක් නං ඔබ බලනවද? අනේ මන්දා බලන් යද්දි මේ ජීවිතේට අනතුරු ඇහිද ඇහිදනේ ඔබ යන්නේ. දැන් ඉතිං ඔබ කියයි කැරපොත්තෝ, මීයෝ, මැස්සෝ, මදුරුවෝ ඉද්දි කොහොමද ගෙදරක වසන්නේ ? සෙකප එකක් බැලූවා කියලා අපි මැරෙනවා යෑ. හරි හරි ඔබේ තර්කය හරි. ඒත් ඔබේ දරුවන්ට ඕවා තේරෙන්නේ නෑනේ. දරුවන්ගේ පොඩි කාලේ කියන්නේ හැම දේම දැකලා ඉගෙන ගන්න කාලේ. පුදුම හිතෙන දේවල් ගැන, හංගපු දේවල් ගැන වගේම තමන්ට හොරෙන් කරන දේවල් ගැන, අපිට නොතේරුනාට එයාලා හරි අවධානයෙන් ඉන්නේ. ඒ නිසයි කියන්නේ, අනතුරුදායක දේවල් ගෙදරට ගෙන්න නරකයි.
අවුරුදු 7, 8 ක දරුවෝ සාරි වලින් බෙල්ලේ වැල දාගෙන මැරෙන එකම මදැයි මේ කතාව ඔප්පු කරන්න මදි නං, මෙන්න තව කතාවක්.
මේ සිද්ධිය වුනේ ඇමෙරිකාවෙ නිව්යෝක් හි බෲක්ලින් වල ප්රාථමික ඉස්කෝලයක. අවුරුදු 9ක දරුවෙක් පංතිභාර ගුරුවරියගේ වතුර බෝතලයට මී පාසානම් දාලා. ඒ බව නොදැන ගුරුවරිය වතුර බීලා. වතුරෙ අමුතු රසක් තිබුනු නිසා වුවමනාවෙන් බෝතලය දිහා බැලූවම අමුතු බොර පාටක් පෙනුනා. මේක දැකපු තව දරුවෙක් සිදවුණ දේ ගුරුවරියට කියලා. ඊට පස්සේ බොරපාට වෙලා තියෙන වතුර බෝතලෙත් අරන් ඇය විදුහල්පතිවරයා ගාවට ගිහිං මේ ප්රශ්නෙ කිවුවා. අර පුංචි දරුවට එන්න කියපු විදුහල්පතිතුමා මොකද්ද වුණේ කියලා අහගත්තා. එතකොටයි තේරුනේ මේ වැඬේ පිටිපස්සේ අවුරුදු 12 ක සිසුවෙකුත් ඉන්නවා කියලා. ඔහුවත් විදුහල්පති කාමරයට ගෙන්නුවා.
‘මේවා අල්ලන්න එපා, කෑවොත් මැරෙනවා කියලා අපේ අම්මා කිවුවා. ඇත්තටම එහෙම වෙනවද කියලා දැන ගන්න මං මේ මල්ලිට කිවුවා, මේවා ටීචර්ගේ වතුර බෝතලයට දාන්න කියලා‘.
අවුරුදු 12 දරුවා එහෙම කිවුවා. දැන් සිද්ධිය පැහැදිලියි නේද ?
ගුරුවරිය දැන් රෝහලේ ප්රතිකාර ගන්නවා. ඇගේ තත්වය දැන් ටිකක් හොදයි. මේ වෙද්දි අවුරුදු 12 සහ 9 දරුවෝ දෙන්නා ඉන්නේ පොලිස් අත්අඩංගුවේ. ලංකාවේ වගේ නෙවෙයි, ඇමෙරිකාවේ දරුවෝ වැඩිහිටියෝ කියලා නෑ. නීතිය හැමෝටම එකයි. ඒ හින්දා මේ දරුවෝ දෙන්නට ‘මිනීමරන්න තැත් කිරීම‘ කියන වරද යටතේ සිරගත වෙන්නත්, දඩ මුදලක් ගෙවන්නත් සිද්ධ වේවි.
ප්රාථමික දරුවන්ගේ පරීක්ෂණය නං ඉවරයි. නිරීක්ෂණය උසාවියෙදි ලැබෙයි. එතකන් නිගමන වලට යන්නේ නැතුව අනතුරු ගෙදරට වද්ද ගන්න එක නවත්ත ගත්තොත් නරකද?