පසුගියදා පැවති ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ලෝක බලවතා ලෙසින් තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳව ලොව පුරා බොහෝ දෙනෙකුගේ සුවිශේෂ අවධානයක් යොමුව තිබෙනවා.
මේ ඔහුගේ පවුලේ සුවිශේෂී තොරතුරු කිහිපයක්.
දස හැවිරිදි වියේ පසුවන බැරන් ට්‍රම්ප් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වත්මන් විවාහක බිරිඳ මෙලනියාට දාව උපන් දරුවායි.
මෙලනියා ට්‍රම්ප් 2005 වසරේදී ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ විවාහ වූ වත්මන් විවාහක බිරිඳයි.
ජැරඩ් කුෂ්නර් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන දියණිය වන ඉවන්කා ට්‍රම්ප්ගේ ස්වාමි පුරුෂයායි.
ඉවන්කා ට්‍රම්ප් ට්‍රම්ප්ගේ පළමු විවාහක බිරිඳ වූ හිටපු නිරූපන ශිල්පිනියක වන ඉවානාට දාව උපන් එකම දියණියයි.
ටිෆනි ට්‍රම්ප් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන විවාහක බිරිඳ වූ හිටපු නිළියක සහ රූපවාහිනී ශිල්පිනියක වන මාලා මාපල්ස්ට දාව උපන් දියණියයි.
වැනීසා ට්‍රම්ප් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුතකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජුනියර්ගේ විවාහක බිරිඳයි.
කායි ට්‍රම්ප් ඩොනල්ඩ් ට්‍රම්ප් ජුනියර්ගේ සහ වැනීසාගේ දෙටු දියණියයි .
ඩොනල්ඩ් ට්‍රම්ප් ජුනියර් ට්‍රම්ප් සහ ඔහුගේ පළමු විවාහක බිරිඳ ඉවානාගේ දෙටු පුත්‍රයායි.
එරික් ට්‍රම්ප් ට්‍රම්ප් සහ ඔහුගේ පළමු විවාහක බිරිඳ ඉවානාගේ තෙවන දරුවායි.
ලාරා යුනස්කා එරික් ට්‍රම්ප්ගේ බිරිඳයි.