Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
16
අයවැය ගැන පක්ෂ විපක්ෂ අය කිව්ව කතා - වීඩියෝ

- අයවැය ගැන පක්ෂ විපක්ෂ අය කිව්ව කතා - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views
අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තුන්වන දිනය ඊයේ දිනට යෙදුණා.

ආණ්ඩුවේ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් අදත් විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ අතර, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, වජිර අබේවර්ධන යන අමාත්‍යවරුන් සහ උදය ගම්මන්පිල, බිමල් රත්නායක යන මන්ත්‍රීවරුන් එහිදී දැක්වූ අදහස් කිහිපයක් පහතින්.

 අමාත්‍ය වජිර අබේවර්ධන - ‘‘සේවක අර්ථසාධක අරමුදල දිවංගත ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා මහබැංකුවටත්, මුදල් අමාත්‍යාංශයටත් පාලනය වෙන තත්ත්වයට නතු කළේ ගොඩක් ඈත කල්පනා කරලා. අපි සේවක අර්ථසාධක අරමුදල ශක්තිමත් කිරීමට තමයි එදා ඒ ආණ්ඩුව ඒ ක්‍රියා පිළිවෙත ගත්තේ. දැන් අපි මේ අයවැයට සමගාමීව මූල්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමට අවශ්‍ය නිසා, අපි කැබිනට් මණ්ඩලයට අවශ්‍ය කරන නීති රීති සියල්ලක් ගෙනල්ලා දැන් අනුමත කරගෙන අපේ රජය ඉස්සරහට ගමන් කරන්න උත්සාහ කරනවා. ඉතිං ඒ නිසා අයවැය පොතේ ඉදිරිපත් වෙලා තිබෙන කරුණු කාරණා දිහා බලලා මේ ආණ්ඩුවේ ගමන් මග ගැන තීරණය කරන්න බෑ.’’

මන්ත්‍රී බිමල් රත්නායක - ඔබතුමාට පේනවා 78% ක් තියෙනවා වක්‍ර බදු. 22% යි එහෙම ගත්තොත් ආදායම් බදු. දැන් මේ අයවැයේම රවී කරුණානායක මහත්තයා කියනවා 60% කට ගේනවා කියලා ඍජු බදු, සාමාන්‍ය ජනතාවට 40% ක් කියලා. ඒ කියන්නේ බස් එකේ බෝඞ් එක දානවා යන්නේ කතරගමට කියලා, දකුණට යනවා කියලා යන්නේ උතුරට. ඇත්තටම ගත්තොත් ආණ්ඩුව යන්නේ රුවිතෙට. කවුද මේ මුලා කරන්න හදන්නේ...? තමන් ඉදිරිපත් කරන තර්කවත් සනාථ නොකරන විදියේ දත්ත මේ අයවැය ලේඛණයේ තියෙනවා. අග්‍රාමාත්‍යවරයා පසුගිය අවුරුද්දේ නොවැම්බර් මාසේදී ප්‍රකාශයක් කළා, ලංකාවේ දිනක ආදායම ඇමරිකානු ඩොලර් දෙකට වඩා අඩු සමස්ත ජනගහණය 43% ක් කියලා. රවී කරුණානායක මහත්තයා මේ නොවැම්බර් මාසේ ඇවිල්ලා කියනවා 20% යි කියලා. දැන් 43% ක් කියන්නේ කතානායකතුමනි, ලක්ෂ 86 ක් ජනතාව. ඒ කියන්නේ ලක්ෂ 86, අවුරුද්දකින් ඔබතුමාලා ලක්ෂ 43 කින් දුප්පත්කම අඩු කරලා කියලද ඔබතුමාලා කියන්නේ. දැන් මේ බොරු කාටද කියන්නේ. මේ දෙන්නම ඇත්ත කියනවා වෙන්න බෑනේ. දෙන්නගෙන් එක්කෙනෙක් බොරු කියනවා. ගරු කතානායකතුමනි, හංගන්න පුළුවන් දේවල් තියෙනවා. පර්පචුවල් ටෙ‍්‍රෂරීස් එකෙන් මහා බැංකුවේ භාණ්ඩාගාරය සුද්ධ කරලා ගත්තු සල්ලිවලින් තමන්ගේ දේශපාලන පක්ෂෙට පත්තර පටන් ගන්න ඒවා, සමහර රූපවාහිණි නාලිකා අරගෙන තමන්ගේ පක්ෂෙට දේශපාලන වශයෙන් සහය දෙන චැනල් එකක් පටන් ගන්න ටික කාලයක් හොරෙන් පුළුවන්. හැබැයි ආර්ථිකයේ කරන ඒවා හංගන්න බෑ. අලූත් මහබැංකු අධිපතිතුමාම කිව්වා, 2016 දෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 2.6 යි. මේ පොතේ දානවා 7% ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වෙනවා කියලා. කිරි එළදෙන්නු 15,000 ක් ඉම්පෝර්ට් කරනවා. එන්.එල්.ඞී.බී. වතු තියෙනවා 31 ක්. ඒවා කැලෑ කරලා, ඒවායේ අලි හදන ගමන්, තමන්නාන්සේලා හරක් ගේනවා. ඒ හරක් ඉම්පෝර්ට් කරනකොට, මෙහෙත් ඒ වගේ ජාතියේ හරක් ඉන්නවා නම් උන් එක්ස්පෝට් කරා නම් හොඳයි කියලා මං කියනවා. මේ වගේ තීන්දු ගන්න කලින්.’’

අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න. - එතුමා කියා සිටින්නේ මේ අයවැයේ කිසිම ප්‍රශස්ත දෙයක් නෑ. මේ අයවැයේ කිසිම හොදක් නෑ. නමුත් මම කියන්න  ඕන පහුගිය කාලේ තුලම ඒ වැරදි පදනමක් උඩ සකස් කරපු ආර්ථිකය, ක්‍රියාත්මක වූ ආර්ථිකය නිසා අද සාමාන්‍ය ජනතාවට විශාල පීඩාකාරී තත්ත්වයක් ඇතිවුණා. මොකද වක්‍ර බදු වැඩි කරන්නත්, ඒ වගේම ඍජු බදු අඩු කරන්නත් ඉවහල් වන වැඩපිළිවෙලක් තමයි අපි ක්‍රියාත්මක කරේ. නමුත් අද මේ රජයේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ ඍජු බදු වශයෙන් 40% දක්වා වැඩි කරන්නත්....ඒ වගේම 80% ක් වන වක්‍ර බදු ප්‍රමාණය 60% දක්වා අඩු කරන්නත් මුදල් ඇමතිවරයා තමුන්ගේ අයවැය සකස් කිරීමේදී එවැනි ප්‍රවණතාවයක් අද දක්වලා තියෙනවා.

මන්ත්‍රී උදය ගම්මන්පිල - අපි කියනවා ගරු අගමැතිතුමනි, ගරු මුදල් ඇමතිතුමනි, දෙන්නා කතා වෙලා එක බොරු කියන්න රටට. අගමැතිතුමා ඩිජිටල් ආර්ථිකයක් හදනවා කියලා ලෝකයට කියද්දී, මුදල් ඇමතිතුමා ඩිජිටල් ක්ෂේත්‍රයට බදු පිට බදු ගහද්දී, අයවැය පිළිබඳ ආණ්ඩුව පිළිබඳ ආයෝජකයාගේ විශ්වාසය නැති වෙන එක කාටවත් වළක්වන්න බෑ. ඒ වගේම අඩුම ගානේ ඉන්ධන මත තිබෙන බදු ටික අයින් කරේ නැති වුණත්, ලෝක වෙළඳපොලේ මිල අඩුවීමේ වාසිය, සැබෑ වාසිය බොරු කරන්නේ නැතුව ජනතාවට ලබාදෙන්න..... අපි බලාපොරොත්තු වුණා ලෝක වෙළඳපොලේ මිල අඩු කරන්නේ නැති වුණත්, මේ සමාගම්වල දැවැන්ත ලාභය මත සුපිරි ලාභ බද්දක් අය කරලා ඒකෙන් කොටසක් භාණ්ඩාගාරයට ගන්න කටයුතු කරයි කියලා. එහෙම කරලා නෑ. අඩු ගානේ මේ මුළු සමස්ත පාර්ලිමේන්තුවම පක්ෂ භේදයකින් තොරව මහා දැවැන්ත සොරකමක් කියලා අත්සන් කරලා පිළිගත්ත මහා භාණ්ඩාගාර බැඳුම්කර වංචාවෙන් පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම ලබපු ප්‍රකෝටි ගානක ලාභයෙන් කොටසක්වත් මහා භාණ්ඩාගාරයට ලබාගැනීමට කිසිම බද්දක් හඳුන්වාදෙන්න කටයුතු කරලා නෑ. ඒ නිසා අහිසංක දුප්පත් ජනතාවට බදු පිට බදු ගහන්න කටයුතු කරන මේ ආණ්ඩුව, තමන්ගේ ගජ මිතුරන්ට බදු පනවන්න කිසිම උනන්දුවක් දක්වලා නැති අයවැයක් විදියටයි අපි මේ අයවැය දකින්නේ.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top