යාපනය ඉලවාලෙයි පොලිස් වසමේ පෙරියවිලාන් ප්‍රදේශයේ 15 හැවිරිදි පාසැල් සිසුවියක් තම නිවස තුළ ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.
ඉලවාලෙයි පණ්ඩිතිරප්පු ජසින්තා විද්‍යාලයේ 10 වසර ඉගෙනුම ලැබූ අකිලේශ්වර් අකිලා නැමැති සිසුවිය මෙලෙස සියදිවි හානිකරගෙන තිබුණා.
මෙලෙස ගෙලවැලලාගැනීමට හේතුවී ඇත්තේ තරුණයෙකු සමග ඇතිකරගත් ප්‍රේම සබතාවයක් නිසා ඇති වූ සිත් තැවුලක් බවටයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.
මියගිය සිසුවිය හා වව්නියාව ප්‍රදේශයේ පදිංචි එම තරුණයා සමග ආදර සබඳතාවයක් පවත්වා ඇති අතර සිසුවිය මියගිය දිනට පෙර දින අදාල තරුණයා සිසුවියගේ නිවසට පැමිණ ඇති බවත් එහිදී තරුණයාගේ ලොකු අම්මා සිසුවියගේ නිවසට පැමිණ සිසුවියටද බැන තරුණයා රැගෙන ගොස් තිබෙනවා.
එයින් ඇති වූ සිත් තැවුලක් හේතුවෙන් මෙසේ ගෙල වැලලාගන්නටඇති බවට සැකකරන බවට ඉලවාලෙයි පොලීසිය කියා සිටියේ.