Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
29
අසම්මත කථාවේ ඇත්ත.. ! - I කොටස -

- අසම්මත කථාවේ ඇත්ත.. ! - I කොටස -Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23,509 Views

උදයන්ති කුලතුංග… පහුගිය දවස්වලට සෑහෙන කතාබහට ලක්වුණු චරිතයක්. ඇයත් ප්‍රවීන ගායකයෙකුත් සම්බන්ධ කරලා කටකතා රටපුරා පැතිරුනා. ඒත් ඇත්ත මොකක්ද...? ඒ ගැන හරියටම දන්න දෙන්නයි ඉන්නේ.  ඒ උදයන්ති කුලතුංග සහ සනත් නන්දසිරි මහත්මයා. ඉතින් අපි මුලින්ම කතාකළා  උදයන්තිට.

ප්‍රශ්නය - උදයන්ති පහුගිය දවස්වල Web sitesවල කතාවක් පැතිරුනා ඔබවත්, සනත් නන්දසිරි මහත්තයත් සම්බන්ධ කරලා. ඒ ගැන ඔබට මොනවද කියන්න තියෙන්නේ.

උදයන්ති - මං හිතන්නේ ඒකෙ තිබුණේ මගේ නම නෙමෙයි. මගේ නම වෙනස් කරලා කුදයන්ති උලතුංග කියලා එකේ තිබුණේ. ඒ වගේම ඒ ප්‍රවීන ශිල්පියගෙත් නම වෙනස් කරලයි තිබුණේ. මගේ Fansලා මට Call කරලා කිව්වම තමයි මම ගිහිල්ලා බැලූවේ. මේවා කරන්නේ මානසික ලෙඩ තියෙන අය. මගේ ජීවිතේට මම සනත් නන්දසිරි මහත්තයව ඇත්තට හරි ළගට හරි දැකලා නැහැ. මට හරිම දුකයි, මට කමක් නැහැ මං ගැන මේ වගේ දේවල් කිව්වට. මොකද තරුණ නිළියන්ට කොහොමත් කතා හැදෙනවනේ. ඒත් මේ වගේ ප්‍රවීණයෙක්ව සම්බන්ධ කරලා කතා හදපු එක ගැන හරි දුකයි. බුදු දහමට අනුව මේ වගේ වැඩ කරන මානසික පිස්සන්ට ස්වභාවිකව හරි පරිසන් දෙනවා. එතුමාගේ තරහ කාරයෙකුයි මගේ තරහකාරයෙකුයි එකතු වෙලා වෙන්නැති මේ වගේ දෙයක් කරන්න ඇත්තේ.

ප්‍රශ්නය - උදයන්ති ඔය දෙන්නා ක්ෂේත්‍ර දෙකක. ඒ වගේ ම වයසෙනුත් සෑහෙන්න පරතරයක් තියෙනවා. ඉතිං මේ වගේ කතාවක් ඔය දෙන්නට ම හැදුණේ කොහොමද ? 

උදයන්ති - මං හිතන්නේ පෞද්ගලික තරහක් වෙන්නැති. අපි දෙන්නගෙම තරහකාරයෙක් වෙන්නැති. මේ වගේ කතා හදලා ප්‍රචාරය කලාම විශ්වාස කරන මිනිස්සු ප්‍රමාණය වැඩියි. ඇත්තටම ඔය කතා පතුරුවන මිනිස්සු හම්බවුනොත් ජීවිතේ දෙන්න පුළුවන් ලොකුම දඬුවම මම ඒ ගොල්ලන්ට දෙනවා.

ප්‍රශ්නය - ඔයා මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග අරන් තියෙනවාද?

උදයන්ති - නීතියෙන් ක්‍රියාමාර්ග ගන්න බැලූවම Lawyer ලා කියනවා නම වෙනස් කරලා දාල තියෙන නිසා නීතිමය ක්‍රියාමාර්ග ගන්න බෑ කියලා.  මොනව කරන්නද නීතියේ රැහැනට අහු කර ගන්නත් බෑනේ.

ප්‍රශ්නය - උදයන්ති ඔයා, සනත් නන්දසිරි මහත්මයාව පෞද්ගලිකව හඳුනනවාද ?

උදයන්ති - පෞද්ගලිකව මම ළගට දැකලත් නෑ. වචනයක්වත් කතා කරලත් නෑ. ඇත්තටම මම සත්‍යයි කියන්නේ දැකලත් නෑ. කතා කරලත් නෑ.

ප්‍රශ්නය - එතකොට ඔයා එතුමාගේ ගෝලයෙක් කියලා කියනවා නේද?

උදයන්ති - එතුමාගෙන් මං කවදාවත් සංගීතය ඉගෙන ගෙන නෑ. මම කැම්පස් එකේ කලේ නාට්‍ය හා රංග කලාව. මං දැකලවත් නෑ ඉගෙනගෙනවත් නෑ.

ප්‍රශ්නය - උදයන්ති, අපි නැවතත් අහනවා. ඇයි  මේ වගේ කතාවක් හැදෙන්නෙ ඇත්තේ ?

උදයන්ති - මං හිතන්නේ ඔය කතා හදපු කෙනා සර් එක්ක, සනත්  නන්දසිරි මහත්තයත් එක්ක තියෙන තරහට ම කතාවක් හදන්න බලන්න ඇති. මේ දවස්වල ඉන්න ජනප්‍රිය චරිතයක් බලලා මේ කතාවට එකතු කරන්න ඇති. කොහොම වුනත් ජනප්‍රියත්වය නිසා තමයි මේ ඔක්කොම දේවල්. මොකද කවුරුහරි Actress කෙනෙක්ට කතාවක් හදන්නනේ බලාගෙන ඉන්නේ. මට කියන්න තියෙන්නේ මේක පිස්සෙක්ගේ වැඩක්.

ප්‍රශ්නය - අවසාන වශයෙන් උදයන්ති ඔයාට මොනවාද කියන්න තියෙන්නේ ?

උදයන්ති - මගේ Fansලාට කියන්න  ඕනේ මේ වගේ මෝඩ මිනිස්සු යවන ප්‍රචාර නිසා මං ගැන වැරදි වැටහීමක් ඇති කරගන්න එපා කියලා. මං හරිම අහිංසක කාටවත් කරදරයක් නැති තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක්. මේ කතා නිසා ගෙදර සෑහෙන්න ප්‍රශ්න ඇති වුණා. මං මානසිකව සෑහෙන්න වැටුණා. මට දුකයි මං ගැන. ඒත් මට කියන්න තියෙන්නේ බුදු දහමට අනුව කවද හරි ඒ අයට පල දෙයි.

ඒ වගේ ම විශේෂයෙන්  හිරුට ස්තුතිවන්ත වෙනවා අපිට මේ වගේ ඇත්ත කියන්න අවස්ථාවක් ලබාදුන්න එක ගැන. මොකද අපිට ඇත්ත කියන්න Media නෑ. Media වල ඔක්කොම යන්නේ බොරු කතා. ඒත් හිරු FM අපිට ඇත්ත කියන්න අවස්ථාව ලබාදුන්නා. හිරු FM එකට සුබ පතනවා.

උදයන්ති සමග කළ මේ සජීවී සංවාදය මෙතනින් අහන්න. මෙම කථාවේ II කොටස බලාපොරොත්තුවන්න..

Make a Comment
Make a Comment






Recent Gossip Post




Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  1,008 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  1,002 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  2,927 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  5,147 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  3,994 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  9,858 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,532 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  6,197 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  8,746 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  6,742 Downloads



Top 10 Commenters

Latest Comments

Top