Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
18
කාංචනාට රට දාලම යන්න වෙලා

- කාංචනාට රට දාලම යන්න වෙලාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
*කාංචනා ඇත්තද මේ අපිට ලැබුණ ආරංචිය?

මොකද්ද ලැබුණු ආරංචිය ?

*ඔබ ළඟදිම විදෙස් ගත වෙනවයි කියන්නේ?

අහ්.. ඔව් මමයි බබලා දෙන්නයි ටික කාලෙකට හස්බන්ඩ් ළඟට යන්න තීරණය කළා.



*හදිසියේම මේ වගේ තීරණයක් ගන්න හේතුව?

හදිසි තීරණයක් නෙමෙයි කාලයක් තිස්සෙ එහෙම ප්ලෑන් එකක් තිබුණා. දැන් අපි මැරි කරලත් අවුරුදු පහක් විතර වෙනවා. ඒ කාලය තුළ රොෂාන් හිටියෙත් රටනේ. සැරින් සැරේ මාවයි බබාලවයි බලන්න ලංකාවට ආව ගියත් එක වහලක් යට බබලා දෙන්නත් එක්ක ජීවත් වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඉතින් පුතාව පාසල් යවන කාලෙත් ළං වේගෙන එන නිසා මේක තමයි යන්න හොඳම වෙලාව කියල හිතලයි මේ තීරණේ ගත්තේ.

*එහෙම නැතුව සැමියගෙන් තහංචියක් පැනවිලා එහෙම නෙමෙයි නේද?


අපෝ නැහැ. අපි මැරි කරපු කාලෙත් මම සැහෙන වැඩ කළා නේ. ඇත්තටම බබලා නිසා තමයි ගොඩක්ම මේ තීරණේ ගත්තේ.

*එතකොට ඔබේ රංගන කටයුතු වලට මොකද වෙන්නේ?

බාර ගත්ත වැඩ නම් ඔක්කොම ඉවර කළා. අලුතෙන් කතා කළ නිර්මාණවලට නම් දායක වුණේ නැහැ. මම එයාලට තේරුම් කරලා දුන්නා මම විදෙස් ගත වෙන නිසා බාර ගන්න විදිහක් නැහැ කියලා.

*ඔබේ රසිකයන්ව මේ විදිහට අතරමං කරලා යන්න දුක නැද්ද?

ගොඩක් දුකයි. මට ආදරේ කරන මං ගැන නිතර හොයලා බලපු ආදරණීය ප්‍රේක්ෂකයෝ ගොඩක් මට ඉන්නවා. ඇත්තටම මං වෙනුවෙන් පණ වුණත් දෙන හොඳ යහළුවො කිහිප දෙනෙකුත් ඉන්නවා. මේ හැමෝම දාලා යන්න වෙන එක ගැන මට ගොඩක් දුකයි. ඒත් ඉතින් මම යන්නේ මගේ පවුල වෙනුවෙන් නේ. මගේ ආඳරණීය ප්‍රේක්ෂකයෝ මාව තේරුම් ගනීවි. මම හොඳම නිළිය ලෙස සම්මානයකුත් ලැබුණ අවුරුද්දේ තමයි මම මේ යන්නෙත්. මේ කාලෙදි එවැනි තීරණයක් ගැනීම වටිනවා.

*නමුත් මීට පෙර ඔබ කිව්වේ රංගන කටයුතු දාලා රටින් යන්නේ නැහැ කියලයි?

ඔව්. එත් මේ වෙද්දි මම සෑහෙන නිර්මාණ වලට සම්බන්ධ වෙලා ඒ වෙනුවෙන් සම්මානත් ලබා ගත්තා. නමුත් රංගනය කියන්නේ තාවකාලික දෙයක් ඉතින් මේ හැම දේටම වඩා මට මගේ පවුල හා දරුවන් වටිනවා. එය සදාකාලිකයි. විශේෂයෙන් අම්මා කෙනෙක් වුණාට පස්සේ .

*අවසන් වරට ඔබ රංගනයෙන් දායක වුණේ?

මේ දිනවල විකාශය වන ඟිරිකුළ' කියන ටෙලි නාට්‍යයටයි.

*රංගන ක්ෂේත්‍රයට දැන් නවක තරු බොහොමයක් පායලා තියෙන නිසා ඔබට ලැබුණු නිර්මාණ අඩු වුණාද?

මම හිතන්නේ නැහැ කවදාවත් හොඳ චරිතාංග නිර්මාණ වලට ආරාධනා කිරීමෙන් නම් අඩුවක් තිබුණ කියල.

*නමුත් ඔබ නිර්මාණ වලට දායක වුණේ සැහෙන අඩුවෙන්ත?

ඟිරිකුළ' නාට්‍යයයෙන් පස්සේ දුව නිසා කිසිම නිර්මාණයකට මම සම්බන්ධ වුණේ නැහැ. දුව මා එක්ක ගොඩක් එකතුයි. එයාට මම නැතුව බැහැ එ නිසා ඉතින් එයා ලැබුණට පස්සේ කිසිම නිර්මාණයක් බාර ගත්තේ නැහැ.

*ඔබේ සැමියාගේ විදෙස් ගත වීම ගැන පසු ගිය කාලේ වරින් වර නොයෙක් කට කතා පැතිරුණා?

ජනප්‍රිය කෙනෙක් ගැන හැම වෙලේම මොනව හරි ප්‍රශ්නයක් හොයන්න බලන් ඉන්න පිරිසක් ඉන්නවා. නමුත් මගේ වටා ඉන්න අය දන්නවා මම ජීවත් වෙන විදිහ. අපි හොඳින් පවුල් ජීවිතය ගත කරනවා කියලත්. ඉතින් කවුරු හරි කට කතාවක් හැදුවනම් මහත්තය රට ඉන්න එක ප්‍රශ්නයක් කරගෙන මම හිතනවා අපි දැන් රට යන්න ගත් තීරණයෙන් ඒ කට කතා වලට හොඳ උත්තරයක් ලැබුණා කියලා.

*ලංකාවේ පදිංචියට එන්න ඔබේ සැමියට අදහසක් නැද්ද?

ළඟකදි නම් ඒ වගේ තීරණයක් ගැනෙයි කියලා මම හිතන්නේ නැහැ. මොකද ඔහු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය තියෙන කෙනෙක්. එහේ ජීවත් වෙලා, ඉගෙන ගෙන එහේම රස්සාව කරල ඒ ජීවිත රටාවට හුරු වුණු කෙනෙක්.

*රංගනයෙන් සදහටම සමුගන්න කියලා කවද හෝ ඔබේ සැමියා කිව්වොත්?

ඔහු කවදාවත් මට එහෙම කියන්නේ නැති නිසා ඒගැන හිතන්න අවශ්‍ය නැහැ. ඔහුට මගේ හැකියාව ගැන හොඳ අවබෝධයක් තියෙනවා. හැබැයි එයා නිතරම මගේ නිර්මාණ ගැන හොයල බලනවා. මට කියන්නනෙත් ඔයාට තියෙන ටැලෙන්ට් එක හැමෝටම නැහැනේ එ නිසා හොඳ නිර්මාණවලට පමණක් සම්බන්ධ වෙන්න කියලයි.

*ඔබේ දුව හෝ පුතා කලාවට සම්බන්ධ වෙන්න ඕනේ කිව්වොත්?

මම නම් කියනවා ලංකාව ඊට සුදසු නැහැ කියලා. කිසි ප්‍රමිතියක් නැතිව හැමෝම නළු නිළියෝ වෙන ප්‍රවණතාවයක් තමයි දැන් නම් මේ ක්ෂේත්‍රයේ තියෙන්නේ. කලා කරුවන්ට පෙන්ෂන් එකක්වත් නැහැ ඔවුන් පුළුවන් කල් වැඩ කරයි. ඊට පස්සේ මරණෙට වත් කවුරුත් නැති තත්ත්වයක් තමයි තියෙන්නේ. වෙන රටක නම් යම් කිසි ප්‍රතිපත්ති තියෙනවා. කලාකරුවන්ට හොඳ තැනක් පිළිගැනීමක් තිබෙනවා. ඉතින් අපේ රටේ නම් කලා කරුවෙක් වෙන එක වැඩක් නැහැ කියලයි මම හිතන්නේ.

*සෑහෙන කාලෙකට මෙහෙ එන්න අදහසක් නැහැ වගෙයි නේද?

නිවාඩුවට එනවා. කෙහොමත් රොෂාන්ගෙයි මගෙයි පවුලේ හැමෝම ඉන්නේ මෙහෙ. එ නිසා අනිවාර්යයෙන් අවුරුද්දකට සැරයක් එනවා. ඒ ආවාහම හොද නිර්මාණයක් ලැබුණොත් රඟපානවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top