ශ්‍රී ලාංකේය රසික හදවත් අතර ක්‍රිකට් ක්‍රීඩකයෙක්, රංගන ශිල්පියෙක් ලෙස ලැගුම්ගෙන සිටින අකලංක ගනේගම විවාහයෙන් පස්සේ අලුත් ජීවිතයක් පටන් අරන්.
ඉතින් මේ අලුත් ජීවිතේ කොහොමද ගෙවෙන්නේ කියලා බලන්න හිරු ගොසිප් අප අකලංක සමඟ සුහද පිළිසඳරක යෙදුණා.
එහිදී ඔහු ගොඩක් දේවල් අපිත් එක්ක කිව්වා. මේ ඒ සොඳුරු මොහොතේ සිදුකළ කතාබහයි.
අකලංක විවාහ ජිවිතෙත් එක්ක ගෙවන අලුත් ජිවිතේ කොහොමද ?
විවාහ ජිවිතේ ඉතාම සුන්දරයි. හැබැයි මගේ වයිෆ් දැන් ඉන්නේ ප්‍රංශයේ. මම එහේ ගිහින් දැන් ඇවිත් දවස් 02ක් විතර ඇති. Hiru Megastars හා මැචස් තියනවා ලංකාවේ. ඒක නිසා මම ආයෙත් ලංකාවට පැමිණියා.
අකලංකට කොහොමද ශෂිනිව මුලින්ම මුණ ගැහුණේ ?
ශෂිනිව මුලින්ම මුණ ගැහුණේ ගාලු මුවදොර පිටියේදි. ඒකාලේ මට ක්‍රිකට් මැච් වගයක් තිබුණා. හෝටලේක හිටියේ. මම හවස් වරුවේ යාළුවො දෙන්නෙක් එක්ක ගාලු මුවදොර පිටියට ආවා.
මගේ යාළුවෙක් ඉන්නවා ශෂිනිගේ යාළුවෙක්. ඒ දැකලා කතා කළා. එතන ශෂිනිත් හිටියා. එදා තමයි මම එයාව අඳුන ගත්තේ. ඊට පස්සේ හොඳ යාළුවෝ බවට පත්වුණා. එහෙම තමයි ශෂිව මට හම්බවුනේ.
අකලංක, කවුද මුලින්ම ආදරේ ප්‍රකාශ කළේ ?
ඇත්තටම මමම තමයි. මම කැමතිද කියලා ඇහුවා ඇයගෙන්. අහලත් කැමත්ත දුන්නේ නෑ. අවුරුද්දයි මාස 02ක් වගේ යනකන්. ඊට පසුසේ තමයි කැමැත්ත හම්බ වුණේ.
ශෂිනි වඩාත් කැමති අකලංක රඟපානවටද ? ක්‍රිකට් ක්‍රීඩා කරනවාටද ?
මෙහෙයි එයා කැමතියි ගොඩක් මම ක්‍රිකට් ක්‍රීඩා කරනවාට. හැබැයි රඟපාන එකටත් උදව් කරනවා. ඇයගෙන් ගොඩක් උදව් ලැබෙනවා.
අකලංක වඩාත් කැමති ලංකාවේ ජිවත්වෙන්නද ? නැතිනම් පිටරටක ජීවත් වෙන්නද ?
මම ඉපදිච්ච හැදිච්ච වැඩිච්ච රට ලංකාව. හැබැයි පිටරකට ගියාම තමයි අපේ රට ඉන්න ඕනේ කියලා දැනෙන්නේ. හැබැයි මම ප්‍රංශයේ විදියටත් හැඩ ගැහිලා තියෙන්නේ. ඉතින් මම රටවල් දෙකේම ඉන්න කැමති.
මෙහෙට ආවම ප්‍රංශයේ යන්න හිතෙනවා. ප්‍රංශයේ ගියාම මෙහේ ඉන්න හිතෙනවා. මම ඒ සිස්ටම් දෙකටම හැඩ ගැහිලා තියෙන්නේ.
පුංචි තිරයේ හෝ රිදි තිරයේ තම පෙම්වතිය ලෙස දකින්න අකමැති කෙනෙක් ඉන්නවාද ?
හ්ම් එහෙම එකක් නෑ.
ලංකාවේ සරාගීම නිළිය කවුද ?
ලංකාවේ ඇත්තමට හොඳ නිළියෝ ටිකක් ඉන්නවා දැන්. සරාගීම නිළිය කියලා නමක් දැන් මට ඔළුවට එන්නේ නැහැ.
අකලංකට ගැහැණු ළමයින්ගෙන් ලැබෙන ප්‍රතිචාරය මොන වගේද ?
හොඳ ප්‍රතිචාර ගොඩක් හම්බවෙනවා. ගැහැණු ළමයින්ගෙන් විතරක් නෙමෙයි පිරිමි ළමයිගෙනුත් ප්‍රතිචාර තියෙනවා. සතුටුයි ඉතින්. හොඳ ප්‍රතිචාර ලැබෙන එක ගැන. අපි කරන දෙයින් ඉස්සරහට යන්න ඒක රුකුලක් වෙනවා.
ළඟදි දවසක බිරිඳ බලන්න ගියානේ. විශේෂයෙන් කියලා අකලංකට මොනවද කිවුවේ ?
විශේෂයෙන්ම කිව්වේ පුළුවන් තරම් ඉක්මනට එන්න කියලා. ප්‍රංශෙට ගිය ගමන්ම ඇහුවේ ලංකාවට ගිහින් එන්නේ කවද්ද ? නැත්නම් එන්න ඕනේ දවස කවද්ද ? ඕක තමයි අද උදේ වෙනකල්ම අහන්නේ. ඔයා එන්නේ කවද්ද ? මම එන්න ඕනේ කවද්ද ? ඔය දෙක තමයි හැමවෙලේම අහන්නේ.
Hiru Megastars ගැන මොකද හිතෙන්නේ ?
Hiru Megastars එන්න තීරණය කළේ මට විශ්වාසයක් තිබ්බා. දිනිනවාද පරදිනවාද කියන එක නෙමෙයි. රියැලිටි වැඩසටහන හොඳට කරයි කියලා.හිරු ආයතනය සමඟ මට පැහැදීමක් ඇති නිසා මම මෙයට කැමැත්ත ප්‍රකාශ කළා. පටන් ගත්තට පස්සේ මම ඒ බලාපොරොත්තු වූ දේ රියැලිටි ෂෝ එකේ තියනවා කියලා මට හිතුණා.
මේක ඉතාම ලොකු වැඩක්. ඒ වගේම හිරු ටීවි එකේ හැමෝම මේක ආසවෙන් උනන්දුවෙන් කරනවා. මෙය අංක එකේ වැඩසටහන වේවී කියලා මම හිතනවා.
ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස රංගන ශිල්පියෙක් ලෙස මෙතෙක් පැමිණි සිය ජයග්‍රාහී ගමන් පිළිබඳව ඔහුගේ හඬ අවදි කළ වීඩියෝව පහතින්.......VIDEO
තරු අතර තරු ගැටෙන මහා තරු සංග්‍රාමය Hiru Megastars සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 8.30ට ආදරණීය ප්‍රේක්ෂක ඔබට රස විඳීමේ හැකියාව තිබෙනවා.ඒ දැවැන්ත ටෙලිවිෂන් සංග්‍රාමයේ දෙවැනි සුපිරි සටනේ ඡායාරූප එකතුවක
මෙතැනින්....