උතුර පළාතේ ප්‍රදේශ කිහිපයක සැරිසරන ‘‘ආවා’’ නමින් හැඳින්වෙන යතුරුපැදි කල්ලිය සොයා පොලිස් කණ්ඩායම් තුනක් මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ චුන්නාක්කම්, කෝපායි සහ මනිපායි යන ප්‍රදේශවල මෙම යතුරුපැදි කල්ලිය සැරිසරන බවට තොරතුරු ලැබී ඇති බවයි.
මේ අතර උතුර පළාතේ සියලූම උසස් පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවංලගු කර තිබෙනවා.
පොලිස්පති පූජිත් ජයසුන්දරගේ උපදෙස් මත උතුර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ ඊයේ දිනයේයි.
ඒ අනුව උතුර පළාතේ සියලූම නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ නිවාඩු මෙලෙස අවලංගු කර තිබෙනවා.
එමෙන්ම පසුගිය අඟහරුවාදා කිලිනොච්චි මහ රෝහල ඉදිරිපිටදී පොලිස් නිලධාරියෙකුට බෝතල් ප්‍රහාරයක් එල්ල කර තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මේ මස 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ, සැකකරු කිලිනොච්චි මහේස්ත්‍රාත් ආනන්ද රාසා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙම පුද්ගලයා කිලිනොච්චි - ධර්මපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනයේයි.