Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Oct
27
මරු විකාරයෙන් කැලයට රිංගූ යකඩබුවා සැඟව සිට සිදුකළ අහස පොළොව නුහුලන පලිගැනීම

- මරු විකාරයෙන් කැලයට රිංගූ යකඩබුවා සැඟව සිට සිදුකළ අහස පොළොව නුහුලන පලිගැනීමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views
"යකඩබුවා හසුවූ කිසිවකුට යළිත් ජීවත්වීමට පුළුවන් වුණේ නැහැ."
"මරණීය තුවාල නොලත් යකඩබුවා වනාන්තරයෙන් අතරුදහන්වුණා"

අලි මිනිස් ගැටුම අදවන විට විසඳුමක් නැති ප්‍රශ්නයක් බවට පත්වෙලා.

එලෙස වන අලින්ට සිදුවන කරදර සහ හිරිහැර වන අලි විසින් මතක තබාගෙන සිටිමින් තමන්ට හිරිහැර කරන මිනිසුන් සොයා ගොස් මරා දමන වන අලි පිළිබඳව පුවතක් හිරු ගොසිප් අපට වාර්තාවුණා.

හම්බන්තොට බූන්දල ප්‍රදේශය මීට වසර දහයකට පෙර අද පවතින තත්ත්වයට වඩා වෙන්සව පැවතිණි. වනාන්තරය අලි, ඇතුන් හා අනිකුත් සත්ත්වයන්ගේ තෝතැන්නක්විය.
 
මේ නිසා බූන්දල නිරන්තරව අලි ඇතුන් ගැවසෙන ප්‍රදේශයක් ලෙසට ප්‍රකටව පැවතිණි. සෑම වසරකම මේ ප්‍රදේශයේ ස්වභාවිකව ඇතිවන ලුණු කෑමට වියලී ගිය කුඩා ඡලාශ වෙත අලි ඇතුන් පැමිණිම සුළභය.  ස්වභාවික දුෂ්කරතා නිසා  අඩු ඡනගහනයක් මෙහි පැවතිණි.

ගැමි ඡනතාව හේන් කුඹුරු සහ ධීවර රැකියාවට ගියේ ද දැඩි බියකිනි.

එයට හේතුවූයේ කොයි මොහොතේ අලි ඇතුන්ගෙන් කරදරයක් වේදැයි යන බියෙනි. ලුණු ඇතිවන කාලයට අලි ඇතුන් නිරන්තරව ගැවසිම නිසා ඡන ජීවිතය ගෙවාදැමීමද ගම්වැසියන්ට ප්‍රශ්නයක් විය.

මෙයට හේතුවූයේ ඡන ජීවිතයට බලපාන රැකියාවන් සදහා මුහුදු වෙරළට සහ හේන්වලට යාමට අලි මංකඩවල් අතරින් යාමට සිදුවීමය.

මෙම හේතුමත  අලි කරදර වලට නිරන්තරව ගම්වැසියන් මැදිවිය.

සමහර අවස්ථාවලදී මරණයට පත් ගම්වැසියාගේ සිරුර ගැනීමට නොහැකිවන ලෙසට අලි එම සිරුර අසල මුර කළේය.

මේ නිසා ගම්වැසියන් මේ සියල්ලම අලි ඡරමර ලෙසට හැදින්විය.

බූන්දලට පැමිණෙන හා පිටව යන අලි ඇතුන් අතර විවිධාකාරයේ අලි ඇතුන්විය.

සමහර අලින් මිනිසුන් මගහැර යාමට පුරුදු වු අතර සමහර අලින් මිනිසුන් පැමිණෙන තෙක් බලාසිටියේ ඒ මිනිසුන් මරා දැමීමේ අරමුනෙණි. මෙයට හේතු සාධකද විය.

අලින්ගේ පැමිණිම වැලැක්විම සදහා අලි වෙඩි දැමිම අලින් කෝප වීමට එක් හේතුවකි.

දඩයම්කරුවන්ට මහත් කරදරයක් වූ අලි ඇතුන්ට වෙඩි තැබීමටද දඩයම්කරුවන්ගේ සිරිතය.
 
තමන්ට ගිනිබිදින දඩයක්කාරයකු මඟදී හෝ වනාන්තරයේදී හමුවුවහොත් මරාදැමිම අලි ඇතුන්ගේ සිරිතකි.
 
අලි ඇතුන්ට තමන්ට ගිනිබිදින මිනිසුන් හඳුනා ගැනීමට හැකිය.
 
තවත් සමහර අලි ඇතුන්ට පාපැදිකරුවන් හා යතුරුපැදි කරුවන් පසුපස පන්නමින් පහර දී මරාදැමුවා. අලි ඇතුන් දරුණු වූයේ  මේ ආකාරයෙනි.

අලි ඇතුන් හැඳින්වීම සදහා ගම් වැසියන් විවධ නාමයන් යොදාගැනීය.  

ඒ අතරින් යකඩ බුවා/ කාවයියා / ගදයා / වලිග කෙටා /මගමරුවා යන නාමයන් ද විශේෂ විය.

මෙවන් නාමයන් යොදාගෙන ඇත්තේ අලි ඇතුන්ගේ විවිධ ක්‍රියාකාරකම් හා උන් විසින් සිදුකරන ගම්වැසියන් මරාදැමීම විවැනි විධ ක්‍රියාකාරකම් හේතුවෙනි.

මේ අතරින් යකඩබුවා ප්‍රසිද්ධි වුයේ යතුරුපැදිකරුවන් දුටු විට පන්නාගොස් යතුරුපැදිය පගා පොඩිකර ඔහු මරාදැමීම නිසාය.
 
යකඩබුවා හසුවූ කිසිවකුට යළිත් ජීවත්වීමට අවස්ථාව  නොලැබිණි.

එතරම්ම යකඩබුවා මිනීමරු අලියකු විය.    
                                                    
යකඩබුවා දැවැන්තයෙකි. වනාන්තරායේ මාර්ගය ආසන්නයේ සැඟව සිටින යකඩබුවා කොයි මෙෙහොතක හෝ යතුරුපැදියක හඬක් අසේදැයි විපරමින් පසුවිය.

ශබ්දයක්  ඇසුණු සැනින් පාර මැදට පැන යතුරුපැදිකරු අල්වා ගැනීම යකඩබුවාගේ  සිරිතය.

යතුරුපැදිකරුවන් පමණක් නොව පාපැදිකරුවන්ද මරාදැමූ නිසා එම මාර්ගයේ ධීවර කර්මානත්ය සදහා උදෑසන හා සවස වෙරළට යාම තීරණාත්මක වූවකි.

ධීවර ගම්මාන. තාවකාලික ධීවර වාඩි අලි ඇතුන් ධීවරයන් හා කෝප වී සිටියේය.
 
ධීවර වාඩි මසුන් අසුවන කාලයේ වෙරළේ ඉදිකිරීම නිසා නිදහසේ වෙරළට පැමිණි අලි ඇතුන්ට වාඩි සහ වෙරළේ ගැවසෙන ධීවරයන් වදයක්විය.

ධීවරයන් දුටු තැන මරාදැමිම අලි ඇතුන්ගේ සිරිතය. ධීවරයන්ද ගිනි ගොඩඩවල් ගසා වෙරළට පැමිණෙන අලි ඇතුන් එලවා දැමීමද කළේය.  

මේ නිසා අලි ඇතුන් සහ ධීවරයන් අතර පැවතියේ වෛරයකි.

මාර්ගයේ ගමන්ගන්නා යතුරුපැදිකරුවන් යන විට ගිනි පන්දමක්  දල්වාගෙන යාමෙන් අලින්ගෙන් ඇතිවන කරදර මගහැරීමට ද ධීවරයන් පුරුදුව සිටියේය.

එහෙත් යකඩබුවා ගිනි පන්දමට බය නොවීය.

ඒ සඳහා උපක්‍රමයක් ලෙසට පසුපසින් යතුරුපැදිකරු අල්ලා ගැනීමට තරම් යකඩබුවා සමත්විය.

යතුරුපැදිකරු මරාදැමීමෙහන් පසු යතුරු පැදිය පොඩිකර විනාශකොට දැමීමද, මළසිරුර අසලට කිසිවකුට පැමිනිණීමට නොහැකි වන සේ මුර කිරීමද යකඩබුවාගේ සිරිතය.

එතරම්ම යතුරුපැදි සමග යකඩබුවා වෛරයෙන් පසුවිය. එකදු යතුරුපැදිකරුවකු හෝ පාපැදිකරුවකු යකඩබුවාට හසුවීනම් බේරියාම පුදුම සහගතය. 
 
ගම් වැසියන්ගේ අදහස වූයේ යකඩබුවා මෙතරම් වෛරයෙන් පසුවන්නේ යතුරු පැදියක යමින් සිටි ප්‍රදේශයේ දඩයම්කරුවකු යකඩබුවාට වෙඩි තැබීම නිසාය.  

යඩකබුවාගෙන් බෙිරිම අතශයින්ම දුෂ්කර වූයේ උපක්‍රමශීලිව වනානාතරයේ ස්ථානයන් මාරුකොට නොසිතන ස්ථානයක සිට සිය ප්‍රහාරය එල්ල කිරීමට තරම් යකඩබුවා උපායශිලී වීමය.
 
වනාන්තරය හොදින් හඳුනන දඩයක්කරුවකු යකඩබුවාගෙන් පලිගැනීමට වනාන්තරයේ සැඟවසිට වෙඩි තැබීය.  

එහෙත් මරණීය තුවාල නොලත් යකඩබුවා වනාන්තරයෙන් අතරුදහන්විය.

දඩයක්කාරයා පුරසාරම් දෙඩුවේ යකඩබුවා අවසන් ගමන් ගොස් ඇතැයි පවසමිනි.

ධීවරයන් හා ගම් වැසියන්ද  නිදහසින් සිය ගමන් බිමන් ගියේය.

වෙඩි වැදීමෙන් ඇතිවූ තුවාල සුවවී මාස තුනකට පසු සියලු ගම්වැසියන්ට හොර රහසින් යකඩබුවා සුපුරුදු වනාන්තරයට පැමිණ ගම්වැසියන්ට හසුනොවන සේ සිටියේය.

කිසිත් නොදක් වැසියන් යකඩබුවාගේ කරදරයක් නැතැයි සිතා යතුරුපැදි වලින් නිදහසේ ගමන් කළේය.

වනාන්තරයේ සැඟව සිටි යකඩබුවා තමාට වෙඩිතැබූ  දඩයක්කාරයා හමුවන තෙක් ගැවසීමට  තරම් උපායශීලීවිය.

ගම්මානයේ ප්‍රසිද්ධව සිටි දඩයක්කාරයා වනාන්නතරයේ දඩයමේ ගොස් අහිංසක සතෙකු මරා මස්කොට ගෝනියක දමා සිය යතුරුපැදියේ පසු පස බැඳ ගුරුපාර දිගේ පැමිණෙමින් සිටියේය.  

සවස් යාමයේ අඳුර යම් මට්ටමක පැවතිණි. දඩයක්කාරයා ගුරුපාරේ  පැමණි අතර ඉදිරි වංගුවේ යකඩබුවා මඟ බලාගෙන සිටියේ තමාට ගිනිබින්ද දඩයක්කාරයාගේ අවසානය සටහන් කිරිමටය.

දඩයක්කාරයා යතුරුපැදියෙන් වංගුව ගනිද්දී මග අහුරා සිටියේ යකඩබුවාය.

අලියා හඳුනාගැනිමට දඩයක්කාරයට එතරම් වේලාවක් ගත නොවීය.  

තමාගේ අවසාය සදහා මාර්ගය අහුරා සිටින්නේ යකඩබුවා බව තේරුම් ගත් දඩයක්කරු යතුරුපැදිය ආපසු හැරවීමට උත්සාහ කළේ ජීවිතය පිළිබඳව ඇතිවූ මර බියෙනි.

එහෙත් යකඩබුවාගෙන් නම් ගැලවීමක් නොවීය. ඉකමනින් ක්‍රියාත්මක වූ යකඩබුවා හොඬවැලෙන් දඩයක්කරු අල්වාගෙන අසල ඇති වනාන්තරයට දඩයක්කරු වීසීකොට දැම්මේය.

පසුව යතුරුපැදිය පාගා කුඩු පට්ටම් කොටදැමූ යකඩබුවා මරණීය තුවාල ලබා සිටි දඩයක්කරු වනාන්තරය අතුලට ගෙනගොස් පාගා ශරීරය කුඩුපට්ටම් කොට දැම්මේය.
පසුදා උදෑසන මාර්ගයේ ගමන්ගත් ධීවරයන්ට දඩයක්කරුගේ යතුරුපැදිය අලියෙකු පොඩිකර ඇති බව දැකීමෙන් පසු දඩයක්කරු සෙවීම ඇරබිණි.

එම පිරිසට වැවක් අසල දඩයක්කරුගේ මළසිරුර මුරකරන යකඩබුවා දැකගන්නට ලැබිණ.

ගමිවැසියන් පුදුම වූයේ දඩයක්කරු මරාදැමු බව පැවසූ යකඩබුවා දඩයක්කරුගේ මළසිරුර මුරකරමින් සිටිනු දැකීමෙනි.
 
කිසිවෙකුටත් ඒ අසලට පැමිණීමට ඉඩනොදුන් යකඩබුවා මිනිසුන් පසුපස හඹා ගියේය.

දිනක් පුරා මළසිරුර ගැනීමට නොහැකිවීම නිසා අවසානයේදී වනජීවී දෙපාර්තවේ සහායෙන් යකඩබුවා එලවා දමා මළසිරුර රැගෙන ඒමට ගම්වැසියන්ට හැකිවිය.  

යළිත් යකඩබුවාගේ පැමිණීමෙන් ගම්වැසියන් බියට පත්විය.  මළසිරුර සම්පර්ණයෙන්ම විනාශකොට තිබු අතර හිස පොඩිකොට තිබිණි.  

තමාට විනකට්න්නට ගිනිබින්ද තුවාල කළ දඩයක්කරුගෙන්  යකඩබුවා පලිගත්තේ ඔහුට අවසන් ගමන යාමට සැලැස්සීමෙනි.

මාස තුනක් පමණ වනාන්තරයේ සැඟව සිටි යකඩබුවා පළිගත්තේ  උපක්‍රමශීලිවය.

ඒ සඳහා මාස තුනක් වනාන්තරයේ සැඟව සිටියේය.  දඩයක්කරුගේ මළසිරුර වළදැමීමෙන් පසු එදින රාත්‍රියේ යකඩබුවා දඩයක්කරු වළදැමූ ස්ථානයට පැමිණ රැය  ගතකොට ඇතිබව පසුදින ගම්වැසියන්ට දැකගැනීමට  ලැබී ඇත්තේ මළසිරුර වළදැමූ වළ වටා අලි කකුල් සටහන් දින කිහිපයක් තිබිමෙනි.

තමා පරලොව යැවීමට උත්සාහ කළ යක්ෂයාට නිසි දඬුවම් ලබාදීමෙන් පසුවද ඉන් සෑහීමකට පත්නොවූ යකඩබුවා තමාගේ ඉලක්කය සපලවීද යන්න සොයාබැලීමට වළදැමූ ස්ථානයට පැමිණ පරීක්ෂණයක් පවත්වා ඇතැයි යන්න ඉන් පැහැදිලි විය.

අලි අතුන්ට ඇති පළිගැනීමේ හැකියාව සහ උපක්‍රමශීලී බව මිනිසුන්ට හොද පාඩමක් කියා දෙන්නේය යන්න මෙහිදී අමතක නොකළ යුතුය.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top