දොඩම්ගස්ලන්ද කහටගහ පතලේ සේවයේ නියුතු පතල් කම්කරුවන් සහ කාර්යාල සේවකයන් සියයකට ආසන්න පිරිසක් ඊයේ (25) උපවාසයක් ආරම්භ කර තිබෙනවා.
පොළොව මතුපිට සිට අඩි 1132ක් පමණ ගැඹුරින් පිහිටි මිනිරන් දෝනාවක බැස ඔවුන් මෙම උපවාසය කරන බව සඳහන්.
තම ආයතනය පෞද්ගලීකරණය නොකරන ලෙසට බලකරමින් ඔවුන් මෙම උපවාසය කරන බවයි වාර්තා වන්නේ.
එම පතලේ 'පේදිරිස් මට්ටම' ලෙස හැඳින්වෙන කොටසේ වාඩි වී මේ උපවාසය ආරම්භ තිබෙනවා.
ඔවුන් තම ඉල්ලීම් ඉල්ලා දින පහක් තිස්සේ සංකේත වැඩ වර්ජනයක යෙදුණත් තම ඉල්ලීමට විසඳුමක් ලබාදීමට කිසිදු බලධාරියකු ඉදිරිපත් නොවීම හේතුවෙන් මේ මාරාන්තික උපවාසය කරන බව සඳහන්.
පසුගිය දින කිහිපය පුරාම විවිධ කටවුට් සහ බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතා සිදුකළද අදාළ නිලධාරීන් අවධානය යොමු වී නැති බවයි විරෝධතාකරුවන් පැවසුවේ.
විසඳුමක් ලැබෙනතුරු මාරාන්තික උපවාසය පවත්වන බවයි ඔවුහු තව දුරටත් සඳහන් කළේ.