උගුරේ බත් සිරවීමෙන් කුඩා දරුවෙකු මියයාමේ පුවතක් අනුරාධපුර - නිරාවිය දේවානම්පියතිස්ස ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා.
මෙලෙස මියගොස් ඇත්තේ අබ්දුල් අර්සාද් නැමති අවුරුදු එකයි මාස පහක් වයසැති කුඩා දරුවෙක්.
මව විසින් කවන ලද බත් මෙලෙස දරුවාගේ උගුරේ සිරවී ඇති අතර, පසුව මව ඔහුට වතුර පොවා තිබෙනවා.
එහිදී අසාධ්‍ය තත්ත්වයේ පසුවූ දරුවා අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.
දරුවාගේ පියා සෞදි අරාබියේ රියදුරෙකු ලෙස සේවය කරන බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.