මේ ජිවිතේට කරදර එන්නේ කලින් කියලා නෙවෙයි අපි හිතන්නෙවත් නැති වෙලාවල. කරදරෙන් ඉන්න වෙලාවට තව තව කරදර එන්නත් පුළුවන්. සතුටින් ඉන්න වෙලාවක කරදර එන්නත් පුවවන්. ඒවගේම කරදර එන්න තැනක් නොතැනක් ඇත්තේ නැහැ.
අහසේ හිටියත්, මුහුදෙ හිටියත් නයා ගහන්න තියෙනව නම් අනිවාර්යෙන්ම ඒක වෙනවා කියන්නේ නිකං නෙවෙයිනේ. මේ ඔක්කොටම උදාහරණ දෙන්න පුළුවන්. නොගිලෙන ගිළුනු නැව, ඒ කිවුවේ ටයිටැනික් නැව. මතකනේ වුනදේ. ඇයි MH 370 තාම වෙච්ච දෙයක් නෑ. කොරියන් නැව ගිලුනේ අපි බලන් ඉද්දි. මේ ගොඩට තව එකක් දැන් එකතු වෙනවා. ඒ ඇමෙරිකාවේ වායු බැලුමක්. මහ නරක කාලයක් මේ ලබලා තියෙන්නේ කියලා දැන් ඔබට හිතෙයි.
“බේරගන්න, මාව මැරෙන්නයි යන්නේ, උදව් කරන්න ජේසුනේ....“ මේ මහා කෑගැහීමක්. වර්ජිනියා ප්රාන්තයේ කැලෑබද පැත්තකින් ඇහුනේ. සද්දෙට ගෙයින් එළියට ගියාම දැක්කේ ඈත අහසේ වායු බැලුමක් ගිනි ගන්නවා. ඒ කූඩෙ හිටපු එක්කෙනෙක් බිමට වැටෙනවත් මම දැක්කා. අතේ තිබුන ෆෝන එකෙන් ෆොටෝ ගහගත්තා. මේ නොහිතපු වෙලාවක පුද්ගලයන් 3 දෙනෙක් එක්ක වර්ජිනියා ප්රාන්තයේ වායු බැලුමක් අමු අමුවෙ පිච්චුන හැටි ඇසින් දුටුවෙක් කරපු විස්තරයක්.
ඇමෙරිකානුවන් 3 දෙනෙකු සමග උඩ ගිය වායු බැලුමක් හදිසියේම ගිනිගෙන කඩන් වැටුණා. මේ වෙද්දි ඉන් එක්කේනේක්ගේ මළසිරුර හොයා ගන්න පොලීසියට පුළුවන් වෙලා තියෙනවා. අනිත් දෙන්නව හොයන්න විශේෂ පොලිස් ඒකක කිහිපයක් මේ වෙද්දි බැලුම ගිනි ගත්තා කියලා අනුමාන කරන අහස් ප්රදේශයේ භූමිය නිරීක්ෂනය කරනවා.
මේ ඒ බැලුම ගිනිගද්දි ගත්ත Photos සහ විදෙස් වාර්තාව.
දැන්වත් අවදානම කෙසේ වෙතත් සූදානම් ශරීරෙන් හිටියොත් නරකද?
බැලුම ගිනිගත් ආකාරය...
මෙම වායු බැලූනගේ පියාසර කළ කාන්තාවන් දෙදෙනා...