රංගනයෙන් වගේම නිවේදනයෙන් රසික හදවත් දිනාගත්තු චරිතයක් තමයි වොල්ගා කල්පනී කියන්නේ.
වොල්ගා කල්පනී හා හර්ෂණ බෙත්මගේ අතිනත අරන් තාම ලොකු කාලයක් නැහැ.
මේ දෙන්නා විවාහයෙන් පස්සේ මොනවද කරන්නේ කියලා වගේම අලුත් වැඩකටයුතු ගැන සති අන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.
වොල්ගා මොනවද මේ දවස්වල කරන්නේ..?
අපි දෙන්නම ගොඩක් සතුටින් කාලය ගතකරනවා. අලුත් ජීවිතේ ගොඩක් ලස්සනයි.
අලුත් වැඩකටයුතු එහෙම මොනවද..?
මේ දවස්වල නාට්‍ය කිහිපයක වැඩ කරනවා. මගේ පැත්තෙන් ගත්තොත් ගොඩක් තෝරලා බේරලා තමයි නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ.
විවාහයත් එක්ක වැඩ කරන එක සීමා කරලද..?
අනේ නැහැ.. මම කසාද බඳින්න කලිනුත් සීමාවක් තියාගෙන තමයි වැඩ වලට සම්බන්ධ වුණේ.
දැන් කියලා ඒකේ වෙනසක් නැහැ. කසාද බැන්දයි කියලා බොරු සීමා දාගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ.
විවාහ වුණාට පස්සේ හර්ෂණ ඔයාට රඟපාන්න යන්න එපා කීවා කියන්නේ ඇත්තද..?
ඒකනම් අමූලික බොරුවක්.
හර්ෂණ කවදාවත් ඒ වගේ පටු විදිහට හිතන කෙනෙක් නෙවෙයි. එයා හොඳ අවබෝධයෙන් ඉන්න කෙනෙක්. එයා කවදාවත් මට රඟපාන්න යන්න එපා කියලා නැහැ.
හර්ෂණ සමහර නිළියෝ එක්ක රඟපානවට ඔයා අකමැතියිලු නේද..?
අනේ ඇයි මම එහෙම කරන්නේ. කිසිම කෙනෙකුට අපේ සම්බන්ධය කඩන්න ලේසි නැහැ. අපි හොඳට තේරුම් අරන් ඉන්නේ. නළුවෙක් වුණාම ඕනම කෙනෙක් එක්ක වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ.
ඉක්මනින්ම අම්මා කෙනෙක් වෙන්න වොල්ගා කැමති නැද්ද.. ?
ඉක්මනටම අම්මා කෙනෙක් වෙන්න ආසාවක් නැහැ. තව කරගන්න ගොඩක් වැඩ තියෙනවා
අපිත් කැමතියි අපේම දරුවෙකුට. අපි ආගමානුකූලව ජීවත්වෙන දෙන්නෙක්. ඒ නිසා හැම දෙයක්ම වෙලාවට සිද්ධවෙයි කියන විශ්වාසයෙන් ඉන්නවා.
විවාහයත් එක්ක ඔයාලගේ ජනප්‍රියත්වය අඩුවුණා කිව්වොත්..?
නැහැ. එහෙම නැහැ.. අපි කවදාවත් අපේ සම්බන්ධය මාධ්‍යයෙන් වසන් කළේ නැහැ.
නොදන්න අය පවා අපි එකට ඉන්නවා දැක්කම තවත් ආදරේ කරනවා. එයාලා කියන්නේ අපි හොඳට ගැලපෙනවා කියලයි.