අකුරැස්ස බෝපාගොඩ ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා.
සිය නිවසේ විදුලි බල්බයක් සවි කිරීමට යාමේදී ඇයට විදුලිසැර වැදී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.
ඊයේ පස්වරුවේ විදුලිසැර වැදුනු මෙම කාන්තාව ප්‍රදේශවාසීන් විසින් අකුරැස්ස රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් තිබු බව සඳහන්.
මෙලෙස මරණයට පත්වී ඇත්තේ දරුවන් 8 දෙනෙකුගේ මවක් වන 42 හැවිරිදි කාන්තාවක්.
ඇයගේ සැමියා කොළඹ ප්‍රදේශයේ පෙදරේරු රැකියාවක නිරතවන බව ද සඳහන්.
මියගිය කාන්තාවගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාතර මහ රෝහලට යොමුකර තිබෙනවා.