ආදරය නිසා පොඩි දෙකටත් සිත් රිදවා ගන්නා තරුණ තරුණියන් සෑම තැනකම සිටිනවා.
එලෙස සිත රිදවාගත් තරුණයෙක් ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.
මෙලෙස සියදිවි හානිකරගෙන තිබෙන්නේ නෙළුම්දෙණිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.
ඔහු ආදරය කළ තිබුනේ පාසල් ප්‍රේමවන්තියකටයි.
එම පෙම්වතිය පාසල් නිල ඇඳුමෙන් ඔහුව හමුවීමට නොහැකි බව පැවසීම නිසා සිත් රිදවා ගත්ත මේ තරුණයා සියදිවි හානි කරගෙන තිබුණා.
එම තරුණයා වෙළඳසැලක රැකියාවක් කරමි සිට ඇති අතර 19 වනදායි ඔහුව සියදිවි හානිකරගෙන ඇත්තේ.
මේ තරුණයා 19 දා රැකියාවට නොගොස් පෙම්වතියට දුරකථන ඇමතුමක් ලබාදී තමන් හමුවීමට පැමිණෙන ලෙස පවසා තිබෙනවා.
එහිදී තරුණිය ප්‍රකාශකර තිබුණේ මෙලෙසයි.
"අනේ මම තේරුම් ගන්නකො."
"මම ඔයාට ගොඩක් ආදරෙයි"
"ඉස්කෝලේ ඇඳුමින් ඔයාව හමුවෙන්න එන්න බැහැ. යනුවෙනි.
නමුත් මේ හේතුවෙන් සිත් අමනාපයක් ඇති කරගත් මේ තරුණයා සාරි පොටකින් ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන ඇති බව සඳහන්.