රිය අනතුරකින් මියගිය රංගන ශිල්පිනී කවීෂා අයේෂානිගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.
කවීෂාගේ අවසන් කටයුතු මිල්ලතේ පොදු සුසාන භූමියේදී සිදුකරන බවයි වාර්තා වුණේ.
ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේවනවිටත් කලාකරුවන් හා හිතවතුන් විශාල පිරිසක් කිරිඳිවැල බෝගහවත්ත ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසට පැමිණෙමින් සිටින බවයි වාර්තා වුණේ.
කවීෂාගේ නිසල දේහය පස්වරු 3 ට නිවසේ සිට සුසාන භූමිය වෙත රැගෙන යන බවද පවුලේ ඥාතීන් ප්‍රකාශ කළා.