පවුල් ජිවිතයක් ගතකරද්දී සැමියාගේ සහ බිරිඳගේ අවබෝධය වැදගත්ය.එලෙස අවබෝධය නැතිකම නිසා ඇතිවන්නේ විවිධ අපරාධයන්ය.
සැමියා සහ බිරිඳ අතර ඇතිවූ අවබෝධය ගිළිහීයාම නිසා අවාසනාවන්ත කථාවක් කාලයේ වැලි තලාවට යටව ගියේ බිහිසුණු මරණ දෙක තුනක් එකවර සිදුකරමින්ය.
අප මෙලෙස එම කථාව දිග හරින්නෙමු.(මෙහි එන නම් ගම් සියල්ල මනෝ මූලික වන අතර සිදුවීම් සත්‍ය කතාවකි).
මේ කථාව සිදුවන්නේ හේන් ගොවිතැන් කරන අනුරාධපුරයේ එක්තරා ගමකය.හේන් ගොවිතැන් කරමින් ජීවිතය ගෙනගිය කුමාර සහ සෙව්වන්දි ලස්සන පුංචි පැල්පතක වාසය කළා.
ඔවුන් අතර නිතර ගෙවුණු කාලය ගොඩක් ලස්සන වුනේ මෙලෙසයි.
තව ටික දොහකින් සෙව්වන්දි අම්මා කෙනෙක්... මම තාත්තා කෙනෙක්, එවැනි ලස්සන වචනයි.
ආදරය කරුණාව ඇතිවීමෙන් සෙව්වන්දිගේ ගෙපැල කිරි සුවඳවත් වුණා. ඒ අනුවයි ඔවුන්ට පුතෙක් ලැබෙන්නේ.
ඔහුට සමන් ලෙස නම් තැබූ ඔවුහු සතුටින් කල් ගත කළා.
සමන් දුවන පනින වයසට එන විට සෙව්වන්දි නැවතත් මවක් වීමට සුදානම් විය.එය කුමාරට තවත් සතුටක් විය.
“අපිට තව පුතෙක් වැඩි නෑ සෙව්වන්දි. මීට පස්සේ සෙව්වන්දි හේනේ වැඩවලට එන්න එපා..මට පුළුවන් සෙව්වන්දියි මගෙ පැටවුණුයි බලාගන්න.”
“අම්මට ගෙදර ඉන්න කියන්න මම එන්නම් තාත්තට උදව් වෙන්න.ඔයා හොඳට ඉගෙන ගන්න ඒ ඇති .හේන් කොටන්න එන්න ඕන නෑ.
ඒ අනුව දෙවනවරට ඔවුන්ට උපන්නේ පුංචි දියණියකි.මේ දෙදෙනාගේ නිවස තවත් ලස්සන වුනේය.
දරුවන් දෙදෙනෙක් බලා ගැනීමට කුමාර මහ පොලොව සමඟ ගැටීම සෙව්වන්දිට දුකක් විය.
කුමාර ඔයාගේ මල්ලිවත් හේන් වැඩට උදව් කරගත්තොත් හොඳයි නේද ? සෙව්වන්දි කිව්වේ කුමාර ගැන තිබුණු ආදරය නිසාය.
ඒ අනුවයි ඔහුගේ බාල සොහොයුරු නිවසට ගෙන්වා ගන්නේ.ඔහුගේ පැමිණීම නිසා කුමාරගේ වැඩ කටයුතු පහසුවක් විය.
මල්ලි පැමිණ මේ වැඩ කටයුතු කරන නිසා කුමාරට යම් නිදහසක් ලැබුණි. මේ නිසා යහළුවන් ඇසුරු කිරීමට වැඩි කාලයක් යෙදවිය.මේ නිසා මත්පැන් පානයට යොමුවීමට වැඩි කාලයක් ගත නොවිය.
ගමේ මත්පැන් වෙළඳාමේ යෙදුනේ සෝමා නමැති කාන්තාවකි.මේ කාන්තාව පිරිමි වශීකර ගැනීමට ඉතා දක්ෂය.ඇය විවාහක කාන්තාවකි.මේ නිසා ඇයගේ මායමට කුමාරද හසුවිය.
මේ නිසා සෙව්වන්දි සහ කුමාර අතර ඇති ආදරය ටිකෙන් ටික දුරස් විය.සෝමා තමන්ට ආදරය කරන බව සිතා දරුවන් සහ සෙව්වන්දි අමතක කිරීමට පසුබට වූයේ නැත.
සෙව්වන්දිට පහර දීමට පටන් ගත්තේ මත්වතුර බීගෙන පැමිණ වන අතර සිය නෑනා බේරාගත්තේ කුමාරගේ සොහොයුරා විසිනි.
සෙව්වන්දි මොහොතකට හෝ සැනසුනේ දරු සුරතල් බැලීමෙනි.
මවක් වීමට සුදානම්ව සිටි සෙව්වන්දිට කුමාරගෙන් ලැබුනේ ගුටිබැට සංග්‍රයක් පමණි.
මේ සියල්ලම සෝමාගේ උපක්රමවිය.සෝමා විසින් කුමාර දැලේ දාගත්තේ මෙලෙසයි.ඒ අනුව සෙව්වන්දි ගැන වැරදි වැටහීමක් ඇති කළ සෝමා ලස්සනට තිබුණු පවුලක් සුන් කරන්න කුමාර නොමග යැව්වේ මුසා කියමින්ය.
“කුමාර මට ඔයාට කියන්න රහසක් තියෙනවා.
දිනක් හොඳටම මත් වී සිටි බණ්ඬේට සමීප වූ කුසුමලතා පැවසුවාය.
“මොකද්ද ඒ ? කුමාරගේ රතු වූ දෙනෙත් නැවතුනේ සෝමා ළඟය.
“සෙව්වන්දිට ලැබෙන්න ඉන්න ළමයා කුමාරගෙ නෙවෙයිලු,මල්ලිගෙන් කියල තමයි ගම්මු කියන්නේ”
මේ කථාව අසු කුමාර නිවසට ගියේ කෝපයෙන් රතුවූ මුහුණකිනි.
සෙව්වන්දිගේ කෙස් වැටියෙන් අල්ලාගත් කුමාර මවක් වෙන්නට සිටි සේව්වන්දිට පහර දී තිබුණා.
දරුවන්ටත් කුමාර පහර දුන්නේය.මත්වතුර පානය කළ කුමාර දියණිය රිධිර ගංගාවක් මැද මරා දමා තිබුණා.සෙව්වන්දි තවදුරටත් විලාප තියන්නට වුයේය.මවක් වෙන්නට සිටි සෙව්වන්දිටත් කුමාර විසින් පිහි පාරක් එල්ල කළේය.ඒ අනුව ඇයත් අවසන් හුස්ම හෙළූ සේව්වන්දිගෙන් මෙලොව එළිය නොදුටු දැරුවාද උපන්නේය.
ඉතිරි වූ සමන් පුතාටද පිහි පාරක් එල්ල කළ කුමාර ලේ කැටි බිළිඳාද මරා දමා තිබුණා.
වැරදි අවබෝධය,පාප මිත්‍ර සේවනය සහ මත්පැන් පානය නිසා ලස්සනට තිබුණු පුංචි පවුලක් විනාශ වුයේ එලෙසයි.