Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
16
ඉදිරියේදී රඟපායිද දන්නෙ නැහැ - වීඩියෝ

- ඉදිරියේදී රඟපායිද දන්නෙ නැහැ - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

27 Views
"ගෙදර අවම එයා මට තේ එකක් හදලා දෙනවා."
"එයා සංගීතයට ගොඩක් ආසයි."
සංගීත කලාවේ ඉතාමත් ජනප්‍රිය ගායකයෙක් සහ තනු නිර්මාණකරුවෙක් ලෙස රසිකයන් අතරේ නොමැකෙන නමක් දිනා සිටින ගායන තරුවක් ලෙස රොමේෂ් සුගතපාල හැඳින්විය හැකියි.

රසිකයන්ට අලුත් අලුත් නිර්මාණ තිළිණ කරමින් රසික හදවත් ස්පර්ශ කළ මේ සුපිරි ගායන තරුව සමඟ හිරු ගොසිප් සුහද පිළිසඳරක යෙදුණා.

ඔහුත් සමඟ හිරු ගොසිප් කළ සාකච්ඡාවයි මේ.............

රොමේෂ් සුගතපාල මේ දවස්වල කාර්යබහුලයි කියල දැනගන්න ලැබුණා.ඇයි  ඒ තරම් කාර්යබහුල ?

මේ දවස්වල වෙනදට වඩා කාර්යබහුල වෙලා.මගේ ජිවිතේ වෙනසක් තමයි Hiru MegaStars.ඒ නිසා Hiru MegaStars වල පුහුණුවීම් නිසා වැඩ වැඩියි.ඊට අමතරව මගේ අලුත් ගීතයට සූදානම් වෙනවා.ඒක ප්‍රේක්ෂකයන්ට නොවැම්බර් වෙද්දී දැකගන්න ලැබේවි.

බොහෝ ගීත නිර්මාණවල ඔබ විසින් තමයි තනු නිර්මාණය කරන්නේ. ඒක රසිකයන් රඳවා තබාගැනීමේ උපායක්ද ?

තනු නිර්මාණයන් බොහොමයක් සින්දුවල මමයි කළේ.ජනතාව ගොඩක් ආදරෙන් මගේ තනු සහිත නිර්මාණ පිළිගත්තා.මගේ ජිවිතේ පළවෙනි සින්දුවේ ඉඳලා මින්ස්සු වැළඳ ගත්තා.ඉතින් මන් හිතනවා එකේ අමුතු රසයක් තියෙනවා කියලා.

ඔබ නිර්මාණය කළ තනු සහිත ගීත වලින් 15 වැඩි ප්‍රමාණයක් ඉතා ජනප්‍රියවුණා.ඒ ගැන මොකද හිතෙන්නේ ?

මම අත්හදා බලන්න කළා මගේ පළමු Concert එක මහනුවරදී.ඉතින් මට එකෙන් ආඩම්බර හිතුණා.මම තෘප්තිමත් වුණා.ඒක නිහතමානි ආඩම්බරයක්.මම එදා දැක්කා මගේ නිර්මාණ කොයිතරම් දෙනෙක් විඳගන්නවද කියලා.ඒක මගේ ලොකු ජයග්‍රහණයක් කියල හිතනවා.

කලාකරුවන් ජනප්‍රිය වුණාම පවුල් ජිවිතේ ගැටළු ඇති වෙනවා.එවැනි ප්‍රශ්න ඇති වුණේ නැද්ද ?

ඒක මනුස්සයාගේ මානසිකත්වයත් එක්ක ගොඩනැගෙන දෙයක්.ආදරය මත තමයි විවාහය පදනම් වෙන්නේ.ඒ සඳහා එකිනෙකාගේ මානුෂික හැඟීම් බලපානවා.නමුත් මගේ ජිවිතේ මම බිරිඳත් සමඟ සතුටින් ඉන්නවා.මට ඉන්නවා චූටි පුතෙක්.මම කොයිතරම් ජනප්‍රිය සහ කාර්යබහුල වුණත් මගේ බිරිඳ සහ පුතා වෙනුවෙන් කාලය වෙන්කරනවා.

කලා කටයුතු සඳහා බිරිඳ මොනවගේ සහයක්ද ලබා දෙන්නේ ?

එයා මගේ කේෂ්ත්‍රයට කැමති නිසා මාත් එක්ක විවාහ වුණා.විවාහයකදී ඉස්සරවෙලාම බලනවා කේන්දර ගැලපෙනවද කියලා.ඊට පස්සේ රස්සාවක් තියෙනවද කියලා බලනවා.සමහර අය බලනවා වාහනයකුත් තියෙනවද කියලා.නමුත් මගේ බිරිඳ බැලුවේ මගේ ක්ෂේත්‍රය.එයා සංගීතයට ගොඩක් ආසයි.මොකද එයා මගෙන් ඉගෙන ගත්තේ.නිවසේ ඉඳන් චූටි පුතා බලාගෙන සහයෝගය ලබා දෙනවා.

සමහර ප්‍රසංග අවසන් වෙද්දී රෑ වෙනවා.ඒ වෙලාවට ගෙදර යද්දී බිරිඳගේ ප්‍රතිචාර මොනවගේද ?

මම ප්‍රසංග ඉවර වෙලා කොහෙවත් යන්නේ නැහැ.කෙලින්ම එන්නේ ගෙදර.මන් හිතන්නේ එක තමයි වෙන්න ඕන.ගෙදර අවම එයා මට තේ එකක් හදලා දෙනවා.ප්‍රසංගය ගැන විස්තර අහනවා.වෘත්තිය ලස්සනට කරලා ගෙදර ආවම ඉතින් ලස්සනට ඉන්න ඕන.

Hiru MegaStars ගැන මොකද හිතන්නේ ?

මම මේ වැඩසටහන් ගැන ගොඩක් තෘප්තිමත් වෙනවා.මොකද විරහ ගීතා ගායනා කරපු මම වෙනස් දෙයක් කළා.ඒක ජනතාව ඉදිරියට දකීවි.ඇත්තටම මම Hiru MegaStars වලට ගියේ සින්දු  කියන්න නෙවි.මම ගියේ රඟපාන්න.නැත්නම් නටන්න හිතාගෙන.මෙහම යනකොට රඟපායිද දන්නේ නැහැ.

Hiru MegaStars වේදිකාවේ අපේ ක්ෂේත්‍රයේ අය තමයි ඉන්නේ.ඔවුන් විවිධ අංශ වලින් හොඳට ඉගෙනගත්ත අය.ඉතින් මේක ජීවිතේ මාරම අභියෝගයක්.අපේ කණ්ඩායමේ ඉන්නවා දක්ෂ අය.අපිට ඉන්න සම්පත් එකතු කරගෙන හොඳ දෙයක් කරනවා.

සංගීත කලාවේ ජනප්‍රිය තරුවක් වූ රොමේෂ් මෙතෙක් පැමිණි ගමන් මඟ පිළිබඳ මතකය අවදි කළ වීඩියෝව පහතින්...



ශ්‍රී ලාංකේය රියැලිටි වැඩසටන් කලාවේ ආන්දෝලනාත්මක වෙනසක් ඇති කරමින් ටෙලිවිෂන් අහස් තලයේ සිදුකරන මහා  තාරකා සංග්‍රාමය සඳහා මේවන විටත් හිරු ටීවී විසින් සියල්ල සුදානම් කර අවසන්.

මේ දැවැන්ත ටෙලිවිෂන් අත්දැකීම ආදරණීය ප්‍රේක්ෂක ඔබට ඔක්තෝබර් 22 වනදා සිට සෙනසුරාදා දිනකම රාත්‍රී 8.30ට හිරු ටීවී වෙතින් නැරඹීමේ හැකියාව තිබෙනවා.

සුපිරි තරු රැසක් කරට කර ගැටෙන තරු සංග්‍රාමය සඳහා සියලු තරු සුදානම් වූ අයුරු දැක්වෙන ඡායාරූප එකතුව මෙතැනින්........
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top