Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
16
සිය දිවි නසාගත් හමුදා නිලධාරියා ලියු ලිපිය නිසා පොලිසියත් ප්‍රශ්න වැලක පැටලිලා - වීඩියෝ

- සිය දිවි නසාගත් හමුදා නිලධාරියා ලියු ලිපිය නිසා පොලිසියත් ප්‍රශ්න වැලක පැටලිලා - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28 Views
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ තමන් බව පවසමින් ලිපියක් ලියා තබා විශ්‍රාමික හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු සියදිවි හානි ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද ඊයේ (15) විමර්ශන ආරම්භ කළා.

පොලිස්පති පූජිත් ජයසුන්දර කියා සිටියේ කෑගල්ල පොලිසිය සිදුකරන පරීක්ෂණවලට අමතරව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම විමර්ශන කටයුතු සිදුකරනා බවයි.

වව්නියාව ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියා.

පොලිස්පතිවරයා සඳහන් කළේ අංශ රැසක් පිළිබඳව සොයා බලමින් මීට අදාළ පරීක්ෂණ සිදුකළ යුතු බවයි.

කෑගල්ල - කරඩුපන ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි අදාළ විශ්‍රාමික බුද්ධි අංශ නිලධාරියා තමන් පදිංචිව සිටි නිවසේ කාමරයක් තුළ ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන සිටියදී ඊයේ (14) අලුයම සොයා ගත්තා.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පැවසුවේ ඔහු 1985 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ ගැමුණු හේවා රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබලෙකු ලෙස සේවයට එක්ව ඇති බවයි.

අනතුරුව යුද හමුදා බුද්ධි අංශයට එක්වූ ඔහු ගිරිතලේ යුද හමුදා කදවුරට අනුයුක්තව සේවය කර තිබෙනවා.

2007 වසරේ විශ්‍රාම යනවිට ඔහු යුද හමුදා බුද්ධි අංශයේ සාජන් මේජර්වරයෙකු ලෙස සේවය කර ඇති බව ද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ප්‍රේම් ආනන්ද උදලාගම නමැති බුද්ධි අංශ නිලධාරියා මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාර ගතවයි සිටින්නේ.

සියදිවි හානි කරගත් විශ්‍රාමික බුද්ධි අංශ නිලධාරියා ලියා ඇති ලිපියේ සදහන් වන්නේ තමන් එම ඝාතනය සිදුකළ බැවින් තම මිතුරා වන උදලාගම නිදහස් කරන ලෙසයි.

මේ අතර, සියදිවි හානි කර ගත් හිටපු බුද්ධි අංශ නිලධාරියාගේ දේහය මේ වනවිට කෑගල්ල - කරඩුපන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර හිරු ප්‍රාදේශීය වාර්තාකරු කියා සිටියේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට (16) සිදුකිරීමට නියමිත බවයි.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top