අසහාය කලාකරු රබින්ද්‍රනාත් තාගෝර් 153 වැනි ගුණ සමරුව පසුගියදා කොළඹ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී උත්සවශ්‍රීයෙන් පැවැත්වුනා. ඒ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන්.ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය හා එක්ව මෙම ප්‍රාසාංගික උළෙල සංවිධාන කළේ චන්දන වික්‍රමසිංහ කලායතනයයි.
1861 මැයි 07 වැනිදා උපත ලද රබින්ද්‍රනාත් තාගෝර් මහතා ඉන්දියොවේ සංගීත ක්ෂේත්‍රයේ රන් සලකුණක් විය. යුරෝපායෙන් පිටත ප්‍රථම වතාවට නොබෙල් සාහිත්‍ය සම්මානය ලැබුවේ ඒ මහතාය. ඒ 1913 වසරේදීය. තාගෝර්ම භාෂාවන් කිහිපයකින්ම කවි ලීවේයග නොබෙල් ත්‍යාගය දිනා ගැනීමත් සමගම 1913 දීම සාහිත්‍යාචාර්යවරයෙකු ලෙස කල්කටා විශ්වවිද්‍යාලයේ ගෞරවයට පත් වුණු එතුමා සිරිමත් රබීන්ද්‍රනාත් තාගෝර් යන නමින් 1915 දී නයිට් පදවියකින්ද පිදුම් ලැබූවා.
තාගෝර්තුමා ලංකාවටද දෙවරක්‌ම පැමිණි බව වාර්තාවනවා. ඒ අසාහය යුග පුරුෂයා 1941 අගෝස්‌තු 08 වැනිදා අවසන් හුස්‌ම හෙළුවා.
Exclusive Photographer - Upul Nishantha