Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
12
පොඩි කාලයකින් ඇතිවුණ යාළුකම ආදරයකට හැරුණා - වීඩියෝ

- පොඩි කාලයකින් ඇතිවුණ යාළුකම ආදරයකට හැරුණා - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24 Views
"තාත්තා තමයි මට ගොඩක් දේවල් චූටි කාලේ උගන්නල තියෙන්නේ"

"අපෝ ඇති තරම් කටු කාලා තියෙනවා"

සිය මවුපියන්ගේ අඩි පාරේ යමින් ගායිකාවක් වුණ රයිනි චාරුකා, රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේකාගේ වැඩිමහල් දියණියයි.

ඇමරිකාවේ අධ්‍යාපනය ලබන රයිනි පසුගියදා ඇමරිකාවේදීම විවාහ ගිවිසගෙන තිබුණා.

මේවන විට විවාහ ගිවිසගෙන සිටින රයිනි ළඟදිම සිය මංගල උත්සවය ගන්නා බවයි හිරු ගොසිප් අපිට මුලින්ම පැවසුවේ. මේ ඇය අපත් සමඟ කළ සාකච්ඡාවයි.................

රයිනි මේ දවස්වල මොනවද කරන්නේ ?

මේ දවස්වල Hiru Megastars වැඩසටහනේ Rehearsal තමා කරන්නේ. විවාහයටත් සූදානම් වෙනවා.

විවාහයට රයිනිගේ සූදානම කොහොමද ?

මම එච්චර පෙෂර් වෙන්නේ නෑ ඒක ගැන. මාතෘකාව ළංවෙද්දි පෙෂර් වෙයිද දන්නෑ. දැනට නම් හෙමින් හෙමින් වැඩටික කරගෙන යනවා. ප්‍රී ෂූට් එකක් කළා. තව එකක් කරන්න තියෙනවා ඕස්ට්‍රේලියාවල.

පෙම්වතා මුලින්ම හමුවුනේ කොහොමද ?

එයා මට අවුරුදු 08කට කළින් තමා මුලින් මුණ ගැහුණේ. තාත්තිගේ බෑන්ඩ් එකේ මෙම්බර් කෙනෙක් විදියට. ඇමරිකාව ලංකාවට වඩා ගොඩක් වෙනස්. මෙම්බර් කෙනෙක් කිවුවට අපි හොඳ යාළුවෝ. සමාන්‍ය බෑන්ඩ් ලෙවල් එකේ නෙමෙයි. ඒ වුණාට ලොකු ඇයි හොදැයියක් තිබුණේ නෑ.

2009 දී ලංකාවේ ෂෝ එකක් තිබුණා. ඒ ෂෝ එකට ලංකාවට ආවට පස්සේ අපි හැමවෙලෙම මුණ ගැහෙනවා. පුහුණුවීම් කටයුතු කරනවා. විහිළු තහළු කර ගන්නවා. පවුලේ අයයි, බෑන්ඩ් එකේ හැමෝමයි ට්‍රිප් යනවා. ඒ දවස්වල පොඩි යාළුකමක් ඇතිවෙලා, ඒක එහෙම ආදරේට හැරුණා.

ප්‍රේම සම්බන්ධයට ගෙදරින් බාධා ආවේම නැද්ද ?

ලංකාවේ පවුල්වල ඉතින් පොඩි පොඩි ඒවා වෙනවනේ. ඒවගේ පොඩි පොඩි ඒව ආවා. ඒවට මුහුණ දුන්නා. ජය ගත්තා.

හිතේ තියෙන දේවල් කියාගන්න බැරුව අතරමං වුණ තැන් තියනවද ?

සෑහෙන්න තියෙනවා. මේ දවස්වල නම් වැඩියෙන් තියෙනවා. සමහර දේවල් කිවුවොත් මිනිස්සු තරහ වෙන්න පුළුවන්. නැත්නම් හිත රිදෙන්න පුළුවන්. පුළුවන් තරම් හොදින් තියන්න බලනවා.සමහර වෙලාවට ඒ කියලත් තේරුම් ගන්නේ නැත්නම් කණගාටු වෙච්ච අවස්ථා තියනවා ඕනේ තරම්.

කට්ටක් කාලා ඉගෙනගත්ත දේවල් තියනවද ?

අපෝ ඇති තරම් කටු කාලා තියෙනවා . නමුත් සමහර ඒවා කොච්චර මතකේ තිබුණත් පාඩම් ඉගෙන ගන්නේ නැහැ. ඒ වෙලාවට විතරයි.

ජිවිතේට අහිමිවීම් වෙලා තියෙනවද?

හ්ම්ම්ම්ම් ගොඩක් වෙලා තියෙනවා.

FB එකේ නිතරම ලොග් වුණු තාරුණ්‍යය ගැන මොකද හිතෙන්නේ ?

සතුටක් ඇතිවෙනවා සමහර වෙලාවට. සමහර වෙලාවට හිතෙනවා කොච්චර මේ මිනිස්සු මෝඩද කියලා සමහර දේවල් දැක්කම. අපි හිතමුකෝ ෆේමස් අයෙකුගේ ෆොටෝ එකක් FB දැම්ම කියලා. සමහර දාලා තියෙන කමෙන්ට් දැක්කම පොඩි කණගාටුවක් ඇතිවෙනවා.තාක්ෂණය දියුණු වුණු සමයක දැනුම අවබෝධය වැඩිවෙන්න ඕනනේ.
 
එච්චර දෙයක් සැමටම විවෘත වෙලා තියෙද්දි මට හිතෙනවා තවම සමහර මිනිසුන්ට ඒ ගැන තේරුමක් නෑ කියලා.මම ආස නෑ නිකරුනේ කාටවත් ඇඟිල්ල දික් කරනවට. හැම ප්‍රශ්ණයකටම තුන් හතර පැත්තක් තියෙනවා. ඒ වගේ දේවල් දැක්කම මට පොඩ්ඩක් කළකිරෙනවා.

Hiru  MegaStars ගැන මොකද හිතෙන්නේ ?

MegaStars වලට මට ආරාධනා කළේ අවුරුදු දෙක හමාරකට කලින්. ඒ කාලේම මාව බුක් කරපු එක ගැන මට පොඩ්ඩක් ආඩම්බරයි. මට මේ දේවල් වලින් මොනද කරන්න පුළුවන් කියන දේ හොයාගන්න ලේසියි.

ලංකාවේ රියැලිටි ලෙවල් එක උඩින්ම තියෙන අලංකාරවත් වැඩසටහනක් කියලා මට කියන්න පුළුවන්.  

Hiru  MegaStars සඳහා රයිනිගේ සූදානම සහ ඇයගේ මතකසටහන් පෙළක් දැක්වෙන වීඩියෝවක් පහතින්.......



රියලිටි වැඩසටහන් කලාවේ පෙර ගමන්කරු හිරු ටීවී වෙතින් ඔබට තිළිණ කරන Hiru  MegaStars ඔක්තෝබර් 22 වනදා සිට සෙනසුරාදා දිනකම රාත්‍රී 8.30ට ඔබේ ආලින්දයේ සිට නැරඹිය හැකියි.

මේ දැවැන්ත වේදිකාවේ තරු සමඟ තරු ගැටෙන ඒ අපුර්ව වූ ටෙලිවිෂන් සම්ප්‍රාප්තිය සඳහා සුපිරි නළු නිළියන් සුදානම්වන ඡායාරූප එකතුවක් මෙතැනින්.......
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top