ජපානයේ ටෝකියෝ නුවර වසරක් පසා තිබෙන අමුතු තරගයක් ගැන විදෙස් වර්තා වාර්ථා වල සදහන් වෙනවා. පොඩි දරුවන් අඬනවා දැක්කොත් අපි හැමෝම උත්සහ කරන්නේ නලවා ගන්නනෙ.හැබැයි මේ වෙලාවේ නම් එකට උත්සාහ කරොත් එක ඒ තරම් ඇගට ගුණදායක වෙන්නේ නම් නෑ.මොකද මේ තරගයේ හයියෙන්ම අඬන කෙනා තමයි දිනන්නේ.
හිතාමතාම පොඩි දරුවන් ඇඬවීම ගැන ඔබට මොනවා හිතෙයිද? හැබැයි මේ තාත්තලා නම් කරන්නේ පුළුවන් තරම් තමන්ගේ පොඩි උන් ටික අඬවන එක. ඒ, දරුවන් එක්ක තියෙන තරහට නම් නෙමේ. මෙහෙම දරුවන් අඬවපුවම ඒක දරුවන්ගේ වර්ධනයට වගේම අදෘශ්‍යමාන බලපෑම් වලිනුත් ආරක්ෂා කරගැනීමටත් ඒක උදව් වෙනවා කියලයි ඒ දෙමාපියෝ හිතන්නේ.
මේ අවස්ථාව අපිට හම්බවුණේ ජපානයේ ටෝකියෝ නුවරදීයි. ” නකි සුමෝ’’(Nakizumo) එහෙම නැත්නම් ‘‘ අඬන බාබාලාගේ තරගය ’’crying sumo) නමින් නම් කළ මෙම අවස්ථාව ඊයේ පැවැත්වුණේ ටෝකියෝ නුවර පිහිටි සෙන්සෝපි බෞද්ධ විහාරස්ථානයේදී. මේකට ආපු ඔක්කොම තාත්තල සුමෝ ක්‍රීඩකයින් වීමත් විශේෂත්වයක්. මේ තරගයේදී තාත්තල කළේ අඬන දරුවන් නලවපු එක නෙමේ තව තවත් අඬවපු එක. වැඩිම සද්දෙට වගේම වැඩිම කාලයක් අඬපු බබා තමයි මේ තරගෙන් දිනුවේ.