උසස් අධ්‍යාපනයට අවශ්‍ය මුදල් සොයා ගැනීම වෙනුවෙන් සිය කන්‍යාභාවය අලෙවි කිරීමට සුදානම්වන තරුණියක් පිළිබඳ විදෙස් මාධ්‍ය අනාවරණ කර තිබෙනවා.
20 හැවිරිදි මෙම තරුණිය සිය කන්‍යාභාවය වෙන්දේසියට ඉදිරිපත් කර ඇත්තේ අන්තර්ජාල වෙබ් අඩවියක් හරහායි.
වෙන්දේසියේ ආරම්භක මුදල යුරෝ එක්ලක්ෂ පනස් දහසක්.
විදේශීය විශ්ව විද්‍යාලයක වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම මෙම තරුණියගේ අරමුණ වී තිබෙනවා.
ඇය ප්‍රකාශ කර ඇත්තේ බොහෝ ළමුන්ට සිය අධ්‍යයන කාලසීමාවේදී විවිධ මුල්‍ය ගැටලුවලට මුහුණදීමට සිදුවන බවයි.
ඇතැම්විට අධ්‍යයන කටයුතු වෙනුවෙන් මුදල් ගෙවීමට රැකියා සඳහා යොමුවීමට ද සිදුවන බව මෙම තරුණිය පෙන්වාදී තිබෙනවා.
තමා වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තුවන ආයතනයේ ගාස්තු ඉතා ඉහළ අතර නවාතැන් ගැනීම වෙනුවෙන් ද ඉහළ මුදලක් ගෙවීමට සිදුවන ඇති බවයි ඇය සඳහන් කර ඇත්තේ.
එබැවින් තමා කන්‍යාභාවය අලෙවි කර සිය අධ්‍යයන කටයුතු වෙනුවෙන් අවශ්‍ය මුදල සොයා ගැනීමට තීරණය කල බව ඇය ප්‍රකාශකර තිබෙනවා.
කෙසේවෙතත් මෙය සදාචාර සම්පන්න නොවන බවට වන මතයන් අදාළ තරුණිය ප්‍රතික්ෂේප කරනවා.
ඇය පෙන්වා දෙන්නේ කෙටි කාලීනව ඉහළ මුදලක් උපයා ගැනීමට මෙමගින් හැකියාව පවතින බවයි.
ඇතැම් විචාරකයන් තරුණියගේ මෙම ක්‍රියාව දැඩිව විවේචනයට ලක්කර තිබෙනවා.
ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මෙම තරුණියකේ ක්‍රියාව හේතුවෙන් කාන්තා ස්වාධීනත්වයට සහ සමානාත්මතාවට කැලැල් ඇති වන බවයි.
කෙසේවෙතත් මෙම තරුණිය පෙන්වා දෙන්නේ මෙමගින් කිසිදු ගැටලුවක් ඇතිවනු ඇතැයි තමා විශ්වාස නොකරන බවයි.
තමා ද ස්වාධීන කාන්තාවක් වන අතර තමාට අවශ්‍ය දෑ කිරීමට හැකියාව තමා සතු බව ද මෙම තරුණිය ප්‍රකාශකර තිබෙනවා.