ඒ විදිහට ජලය සිදී ගිහින් පොඩි ජල පහරක සිටි මාළුවෝ ටිකක් තරුණයෝ පිරිසක් එකතු වෙලා බේරගෙන තිබුණා.
කරදරයකදි අහක බලාගෙන යන මිනිස්සු අතරේ මේ තරුණයෝ කරපු ක්රියාව අගය කරන්න ඕන නිසාමයි අපි මේ ගැන ඔබට කියන්න හිතුවේ.
මේ හැමදේම එහෙම වුණත් ඒ අතර තවත් කඳුළු කතාවකුත් ලියවිලා තිබුණා.
ඒ තමයි අපි කළින් කියපු මාළුන්ගේ ජීවිත බේරාගත්තු අය අතර හිටපු අවුරුදු 16 ක් වුණු රංවල පැත්තේ පදිංචි සිසුවෙක් ගොඩකවෙල වැවේ ගිලී මියයෑම.
ඔහුගේ සිරුර ගොඩකවෙල පොලිසිය, සිවිල් ආරක්ෂක නිලධාරීන් සහ ප්රදේශවාසීන් එකතුවෙලා හොයාගෙන තිබුණා.
හිතුවෙවත් නැති විදිහට හොඳ හිත තියෙන තරුණයෙක් අකාලයේ මියගිය එකට එයාගේ යාළුවෝ වගේම ගමේ අයත් ඉන්නේ ලොකු දුකකින්.
ඡායාරූප හා එම වීඩියෝව පහතින්...