පසුගියදා මහියංගනය, ඌරණිය, මැදගෙදර ප්‍රදේශයෙදී වයස අවුරුදු 15 දැරියන් දෙදෙනෙක් හදිසියේ අතුරුදන් වුණු පුවතක් වාර්තා වුණා. මේ අයුරින් අතුරුදන්ව සිටි 15 හැවිරිදි බාලවයස්‌කාර තරුණියන් දෙදෙනා මේ වන විට සොයාගෙන තිබෙනවා. නමුත් ඔවුන් කිසිවෙකුවත් විසින් පැහැරගෙන ගොස් නැති අතර මිනුවන්ගොඩ ප්‍රදේශයේදී ඔවුන් සොයාගෙන ඇත්තේ තරුණයින් දෙදෙනෙකු සමඟින් පවුල් කන්නට සූදානම්ව එකම වහලක් යට ජීවත්ව සිටින විටයි.
පසුගිය අගෝස්තු 4 වනදා එක් යුවලක් මෙලෙස නිවසින් අතුරුදන් වූ අතර පසුව ඔවුන් මිනුවන්ගොඩ බෝලානගම ප්‍රදේශයේ කොහු ආශ්‍රිත භාණ්‌ඩ නිෂ්පාදන ආයතනයක සේවය කරමින් එහි නැවතී සිට තිබෙනවා.
එමෙන්ම පලාවිත් තිබූ තරුණියගේ සොහොයුරා ද පසුව ඔහුගේ පෙම්වතිය සමඟ එම ස්‌ථානයට පැමිණ එම වැඩපොළේ සේවය කරමින් එහි නැවතී තිබෙනවා.
මොවුන් මෙලෙස පලාවිත් ඇත්තේ සැලසුම් සහගතව බවයි අනාවරණය වී ඇත්තේ. දෙමාපියන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මේ පිළිබඳව විමර්ශණ ආරම්භ කිරීමේදී පෙමින් වෙලි සිටි ජෝඩු දෙක අතටම අල්ලාගන්නට ඔවුන්ට හැකිව තිබෙනවා.
තරුණියන් දෙදෙනා ගම්පහ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 24 වැනිදා මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කළ අතර එක් තරුණියක් රුපියල් ලක්‍ෂය බැගින් වූ බැඳුම්කරයක් මත තරුණියන් දෙදෙනාම ඔවුනගේ මවුවරුන් දෙදෙනා වෙත මුදාහැරීමට මිනුවන්ගොඩ වැඩබලන මහෙස්‌ත්‍රාත් නියෝග කර තිබෙනවා.