සමහර අම්මලා තමන්ගේ දරුවෝ ගැන නොහිතා කරන හිතුවක්කාර වැඩනිසා අසරණ වෙන්නේ ළමයි විතරක් නෙවෙයි. අපේ රටේ නම් එහෙන් මෙහෙන් අහන්න ලැබුණත් ඇමරිකාව වගේ රටවල් වල නම් මත්ද්‍රව්‍ය ගන්න ළමයි ඉන්න අම්මලා ගැන නිතරම අහන්න ලැබෙනවා. මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්.
මේ සිද්ධිය වෙලා තියෙන්නේ ඇමරිකාවේ සුපිරි වෙළඳ සැලක. මේ අම්මා ළමයා එක්ක බඩු ගන්න ගිහින්. ඒත් ඇය ගත්ත මත්ද්‍රව්‍ය ප්‍රමාණය සීමාව ඉක්මවා ගියපු නිසා ඇය කලන්තේ දාලා වැටෙනවා.
ඇයට ඒ අවස්ථාවේ උදව් කරන්න කවුරුත් එන්නේ නැති වුනත් අම්මා එක්ක බඩු ගන්න ආව පුංචි ළමයා ඇයව නැගිට්ටවන්න හදන හැටි දැක්වෙන වීඩියෝව මේ වෙද්දි සමාජජාල පුරා පැතැරිලා ගිහින් තියෙන්නේ 6ක් 4ක් දන්නේ නැති මේ වගේ අතදරුවෝ ඉද්දිත් අම්මා කෙනෙක් ඔය විදියට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන එක හරි දෙයක් නෙවෙයි කියන එක හැමෝටම තේරුම් කරලා.
කොහොම වුනත් සිද්ධියෙන් පස්සේ මේ අම්මව රෝහල් ගතකරන්න කටයුතු කලා කියලත් ආරංචි වෙනවා.