සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයෙකු තම නිවස පිළිවෙලට සහ අලංකාරවත්ව තබා ගැනීමට දැඩි ලෙස වෙහෙස මහන්සි වනවා. නිවසක් තැනීමේ සිටම තම නිවස නිසියාකාරව සාදා අලංකාරවත් කර ගැනීමට දැන් දැන් වැඩි පිරිසක් එම කාර්යභාරය ගෘහ නිර්මාණ ශිල්පීන්ට ලබාදීමට පුරුදු වී සිටිනවා.
නමුත් අප දැන් ඔබට කියන්න යන්නේ ගෘහ නිර්මාණ ශිල්පීන් පිරිසක් නිසි පිළිවෙලට නිවසක් තනනවා වෙනුවට කනපිට නිවසක් තැනීමේ පුවතක් පිළිබඳවයි. මෙම කනපිට නිවස තනා තිබෙන්නේ චීනයේ ෂෑංහායි නුවරයි.
මෙම නිවසේ ඇති විශේෂත්වය වන්නේ නිවසෙහි ගෘහ භාණ්ඩ සියල්ල ද ප්‍රතිවිරුද්ධ අතට පිහිටා තිබීමයි.