ප්‍රවීන ගායිකාවක් වන සමිතා එරන්දතී මුදුන්කොටුවගෙන් සුපිරි පිතිකරුවෙකු වන තිලකරත්න ඩිල්ෂාන්ට යෝජනාවක් ලැබී තිබේ.
හිරු TV නාලිකාව ඔස්සේ පසුගිය දින විකාශයවූ Copy chat වැඩසටහන අතරතුරදී ඔහුට මේ යෝජනාව ලැබී තිබුණි.
ඩිල්ෂාන්ගේ බිරිය මංජුලා තිලිණි ඉදිරියේදීම සමිතා මේ යෝජනාව ඩිල්ෂාන්ට එල්ලකර තිබේ.
සමිතා මෙසේ ඩිල්ෂාන්ට ලබාදී ඇති යෝජනාව නම් ඇගේ අලුත් ගීතයක රූපරචනයක් සඳහා ලස්සන පිරිමි ළමයෙක් සොයමින් සිටි බවත්, ඒ සඳහා ඩිල්ෂාන්ට එක්වන ලෙස යෝජනා කිරීමය.