අන්තර්ජාලය නිසා සමහරු ජීවිතවලින් වන්දි ගෙවනවා.
තවත් සමහරු ජීවිතේ වටිනාම දේවල් නැතිකරගෙන ලොකු ප්‍රශ්න ජීවිතේට දාගන්නවා.
අපි මේ කියන්න යන්නේ ෆේස්බුක් නිසා වෙච්ච තවත් එක් සිදුවීමක් ගැන.
මුහුණුපොතට දාපු ෆොටෝ වගයකට තමන්ගේ දෙමව්පියන්ට විරුද්ධව නඩුවක් දැමීමේ සිද්ධියක් ඕස්ට්‍රියාවෙන් වාර්තා වුණා.
පුංචි කාලේ පින්තූර වගයක් ඇගේ දෙමව්පියන් ෆේස්බුක් එකට දැම්ම නිසා තමන්ගේ ජීවිතේ දුක්ඛිත තත්ත්වයකට පත්වුණා කියලයි ඇය කියන්නේ.
ඇගේ කිසිම අවසරයක් නැතිව 2009 අවුරුද්දෙදි ෆොටෝස් 500 කට වැඩි ප්‍රමාණයක් ෆේස්බුක් එකට දාලා තියෙනවා කියලයි ඇය කියන්නේ.
ඇය මුත්‍රා කරන පින්තූරද ඒ අතර ඇති බව ඇය කියනවා.
මේ නඩුව ජය්‍රහාණය කළොත් ඇයට ලොකු වන්දි මුදලක් ගන්න පුළුවන් කියලයි ඇගේ නීතීඥයින් කියලා තියෙන්නේ.