''ඩඩ්ලි සේනානායක අභියෝගතා කුසලාන'' මහා ක්‍රිකට් සංග්‍රාමය පසුගිය 10 වනදා අවසන් වුනේ ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලයට ජයගෙන දෙමින්. එම පාසැලේ ප්‍රබුද්ධ ජයමාල් තරඟයේ වීරයා හා හොඳම පන්දුයවන්නා ලෙසින් සම්මාන දිනාගත් අතර හොඳම පිතිකරුවා එම පාසැලේම එරාන් කනිෂ්ක යි. ඩඩ්ලි සේනානායක විද්‍යාලය අනුශූරතාව දිනාගත් අතර එම විද්‍යාලයේ රුක්ෂාන් දනීෂාන් හොඳම පන්දු රකින්නා ලෙසින් සම්මාන දිනාගන්නා ලදී.
මේ තරඟයේ ආරාධිත අමුත්තන් ලෙස ඉසුරු දේවප්‍රිය මහතා හා මුදල් ඇමති රවී කරුණානායකද සහභාගී වූ අතර ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් වූ කුමාර ධර්මසේන, චම්පික රාමනායක මෙන්ම නැගී එන යොවුන් ක්‍රිකට් තරුව වූ ධනංජය ද සිල්වාද ත්‍යාග ප්‍රධාන උත්සවයට සහභාගී වූවා.