මත්පැන් පානය කර නිවසට පැමිණ ආරවුල් ඇතිකරගන්නා සැමියෙකුට ලැබුණු අපූරු දඩුවමක් ගැන මහවිලච්චිය පැත්තෙන් අහන්න ලැබුණා.
හැමදාම මත්පැන් කර නිවසට එන සැමියාට බිරිඳ විසින් තේ කෝප්ප ප්‍රහාරයක් මුහුණට එල්ල කර පිළිස්සුම් තුවාල සිදුකර තිබෙනවා.
එම ප්‍රහාරයෙන් පිළිස්සුම් තුවාල ලැබූ සැමියා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවයි වාර්තා වන්නේ.
ඔහු මහවිලච්චිය යාය හතර ප්‍රදේශයේ පදිංචිව සිටින 48 හැවිරිදි කම්කරුවකු වශයෙන් සේවය කරන බවත් දිනපතා මත්පැන් පානය කර නිවෙසට පැමිණ අඬදබර සිදුකර ගන්නා අයකු බවත් පොලිසිය පැවසුවා.
පසුගිය 10 වැනිදා රාත්‍රියේ බීමතින් නිවසට පැමිණ පරුෂ වචන කියමින් නිවෙසේ රණ්ඩු කරගනිද්දී 26 හැවිරිදි තම පුත්‍රයාට ඔහු විසින් බෝතලයකින් පහරදී අත කපා බරපතළ තුවාල සිදුකර තිබෙනවා.
මෙම තරුණයා පියා විසින් තමන්ට ප්‍රහාරයක් එල්ල කළ බව රෝහලේ වෛද්‍යවරයාට නොපවසමින් තුවාලයට ප්‍රතිකාර ලබාගෙන නැවත නිවෙසට පැමිණ ඇති බවද වාර්තා වනවා.
පසුදින උදෑසන බිරිය හා දරුවන් දෙදෙනා සමඟ නැවතත් ආරවුලක් ඇතිකරගෙන ඇති අතර උදෑසන තේ කෝප්පය සකසාගෙන ඔහුට පිළිගැන්වීමට පැමිණි බිරිය කෝපයට පත්වී සැමියාගේ මුහුණට තේ කෝප්පය දමා ගසා තිබෙනවා.