Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
13
ජීවිත පාඩමක් කියාදී මනුෂ්‍යත්වය වෙනුවෙන් ජීවිතය කැපකළ ගුවන් සේවිකාව - Photos

- ජීවිත පාඩමක් කියාදී මනුෂ්‍යත්වය වෙනුවෙන් ජීවිතය කැපකළ ගුවන් සේවිකාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8 Views

1963 සැප්තැම්බර් මස ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ චන්දිගර්හිදී නීර්ජා භානොට් නමින් දියණියක් උපත ලැබුවාය.

හරිෂ් භානොට් හා රාමා භානොට් ඇගේ දෙමව්පියන් වූවාය.

ඇගේ ප්‍රථමික අධ්‍යාපනයෙන් පසු නීර්ජා ඇතුලු පවුලේ සියලු දෙනාම මුම්බායට පැමිණෙන්නේ ඇයගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු වලට හා නීර්ජාගේ පියා වන හරිෂ් භානොට්ගේ රැකියා කටයුතු සදහායි.


නිරුපිකාවක් ලෙස ඇය මෝස්‌තර නිරූපන ක්ෂේත්‍රයට පිවිසෙන අතර හරිෂ් භානොට් ඉන්දියානු පුවත් පතක කතුවරයෙකු ලෙස සේවයට එක්විය.

පසුව නිරූපන ක්ෂේත්‍රයට සමු දෙන ඇය ගුවන් සේවිකාවක් ලෙස පෑන් ඈම්(Pan Am) ගුවන් සේවය සමග එක වන්නේ ගුවන් සේවිකාවක් වීමට ඇය තුල තිබු කැමැත්තට ඉඩ වෙන්කරමින්.

ඉන්දියාව හා ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට්(Frankfurt) ගමනාන්ත අතර පෑන් ඈම් ගුවන් සේවය විසින් ක්‍රියාත්මක කෙරුණු ගුවන් ගමන් සදහා නීර්ජාගේ සේවාව ලබා ගත් අතර ඇය ඉතා ඉක්මනින්ම ප්‍රධාන ගුවන් සේවිකාවක් වන්නට තරම් දක්ෂ වූවාය. 

නීර්ජාගේ පියාගේ තීරණයකට අනුව ඇයගේ විවාහය සිදුවූ නමුත් විවාහයෙන් පසු නීර්ජා ඇයගේ සැමියා සමග ඇති වූ යම් ආරවුල් නිසාවෙන් තම සැමියාගෙන් වෙන් වී තම දෙමවුපියන් සමගම ජීවත්වීමට ඇය තීරණය කළාය.

1986 සැප්තැම්බර් 5 වන විට ඇයගේ 23 වන උපන් දිනයට තිබුණේ දින දෙකක් පමණි.

සුපුරුදු පරිදි පෑන් ඈම් ගුවන් යානය(Pan Am Flight 73) මුම්බායි ගුවන් තොටුපලින් අහසට නැගුනේ පකිස්ථානයේ කරච්චි ගුවන් තොටුපලේ ගොඩ බෑමෙන් පසු ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් වෙත ආරක්ෂාකාරී ලෙස පියාසර කිරීමේ අරමුණ ඇතිවය.

ඒ වනවිටත් අබු නිදාල් සංවිදානයට(Abu Nidal Organization) අයත් ත්‍රස්තවාදීන් 4 දෙනෙක් මගින් 361 කගේ හා ගුවන් කාර්යමණ්ඩලයේ 19 දෙනෙකුගේ ජිවිත බිලි ගැනීමට සැලසුම් කර තිබුණේය.

පෑන් ඈම් 747 ගුවන් යානයේ රෝද ධාවන පථය සුමටව ස්පර්ශ කලේ සියල්ල හොදින් යැයි සැම දෙනාටම ඒත්තු ගන්වමිනි. 

ඒ වනවිටත් ත්‍රස්තවාදීන් ගුවන් යානය අසලට ආයුධ සන්නද්ධව වෑන් රථයකින් ලගා වෙමින් සිටියේය.

සැමගේ සිත් වලින් හටගත් සතුට මැකී ගියේ ගුවන් යානයේ ආරක්ෂාවට සිටි ආරක්ෂකයන් වෙත වෙඩි වරුසාවක් එල්ලවීමත් සමගය.

සිදුවන්නේ කුමක්දැයි වටහාගන්නට නොහැකිව සිටින විට නීර්ජා තම සහෝදර ගුවන් සේවිකාවන්ට ගුවන් යානයේ දොරවල් වසන ලෙස අණ කළාය. 

නමුත් ත්‍රස්තවාදීන්ට ගුවන් යානය තුලට කඩා වැදීමට හැකි විය. 

නැවතත් වහා ක්‍රියාත්මක වූ නීර්ජා ගුවන් නියමුවන් හට ඇති වී ඇති තත්වය පැහැදිලි කල අතර ගුවන් නියමුවන් හදිසි පලායෑමේ දොරටුවෙන්(emergency escape door) ගුවන් යානයෙන් පලා ගියහ.

යම් හෙයකින් නීර්ජා වහා ක්‍රියාත්මක නොවී නියමුන් තව දුරටත් ගුවන් යානයේ රැදී සිටියා නම් ත්‍රස්තවාදීන්ගේ ඉල්ලීම පරිදි ගුවන් යානයට සයිප්‍රසය බල පියාසර කිරීමට සිදු වනු ඇත.

ත්‍රස්තවාදීන්ගේ අරමුණ වී ඇත්තේ ගුවන් යානය සයිප්‍රසය බලා පියාසර කරවා එහි සිර ගෙදර සිටින ඔවුන්ගේ ආධාර කරුවන් පිරිසක් නිදහස් කර ගැනීමයි. 

යම් හෙයකින් එසේ නිදහස් කර ගැනීමට හැකියාව නොලැබුන හොත් ත්‍රස්තවාදීන් විසින් ගුවන් යානය උඩු ගුවනේදීම පුපුරවා හැරීමට සැලසුම් කර තිබිණි.

ත්‍රස්තවාදීන් නියමුවන් නැවත ගුවන් යානය වෙත එවන ලෙස නියෝග කල අතර ගුවන් නියමුවන් ඒමට සිදු වන ප්‍රමාදය නිසා සියලුම ඇමරිකානුවන් ඝාතනය කිරීමට ත්‍රස්තවාදීන් තීරණය අතර ඇමරිකානුවන් සොයාගැනීමට සියල්ලන්ගේම ගුවන් ගමන් බලපත්‍ර එකතු කරන ලෙස ත්‍රස්තවාදීන් නීර්ජාට නියෝග කර තිබෙනවා.

නීර්ජා සියලුම ඇමරිකානු ගුවන් ගමන් බලපත්‍ර සගවා අනෙකුත් ගුවන් ගමන් බලපත්‍ර පමණක් ත්‍රස්තවාදීන් වෙත ඉදිරිපත් කිරීමෙන් ගුවන් යානයේ සිටි ඇමරිකානුවන් බොහෝ දෙනෙකුගේ ජීවීත ආරක්ෂා කර ගැනීමට හැකි වී තිබෙනවා.

තව තවත් කාලය ඉක්ම යන නිසා ත්‍රස්තවාදීන් මගීන්ට වෙඩි තැබීමට කටයුතු කල අතර නීර්ජා ගුවන් යානයේ එක් දොරක් විවෘත කිරීමට සමත් වීම නිසා ආරක්ෂක බටයන් හට ගුවන් යානය තුලට ඇතුලු වීමට හැකියව ලැබුණි. සියලුම මගීන් හා කාර්ය මණ්ඩලය ගුවන් යානයෙන් පිට වනතුරු ගුවන් යානයෙන් පිට නොවූ නීර්ජා කුඩා ළමුන් තිදෙනෙක් ගුවන් යානයේ දොර වෙත රැගෙන යමින් සිටියදී එක් ත්‍රස්තවාදීයෙක් එල්ල කල වෙඩි ප්‍රහාරයෙන් ළමුන් ආරක්ෂා කර ගැනීමට යාමේදී වෙඩි වැදී මියගොස් තිබෙනවා.

ඇගේ 23 වන උපන් දිනයේ නීර්ජාගේ මෘතදේහය ඉන්දියාවට රැගෙන එන අතර ඇගේ මවට උපන් දින ත්‍යාගය පිරිනැමීමට වන්නේ නීර්ජාගේ මෘතදේහයටයි.

ඇය ඉටු කල අමිල සේවය වෙනුවෙන් ඉන්දියාවේ මිනිසෙකුට පිදෙන ගෞරවාන්විතම ප්‍රදානය වන අශෝක චක්‍ර සම්මානයෙන්ද පිදුම් ලබයි. පාකිස්ථානයෙන් හා ඇමරිකවෙන්ද ඇය වෙත විශේෂ සම්මාන පිරිනැමූ අතර 2016 වර්ෂයේදී "Neerja" නමින් චිත්‍රපටයක්ද නිර්මාණය කර තිබෙනවා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top