මිනිස්සු ළඟ නැති සමහර ගතිගුණ තිරිසන් සතුන් ළග තියෙනවා ඔබත් දැකලා ඇති.
ඒ වගේ උතුම් ගුණයක් පෙන්වන සිද්ධියක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණා.
වාහනයක හැප්පිලා මිය ගිය සුනඛයෙකුගේ සිරුරක් තවත් සුනඛයෙක් ඉවත් කරන්න උත්සහ කරන ආකාරය දැක්වෙන මේ සිද්ධිය කාගෙත් හිත්වලට සංවේගයක් ඇතිකරන දසුනක්.
චීනයේ ඩොන්ගුවාන් පැත්තෙන් මේ සංවේදී සිදුවීම වාර්තා වෙලා තිබුණා.
ඒ අසල තිබුණු සී.සී.ටි.වී.කැමරාවක සටහන් වෙලා තිබුණු හැටියට මේ සුනඛයා මියගිහින් තියෙන්නේ කාර් එකක හැප්පිලා.