Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
07
අම්මා මතක් කරලා අසැබි වචන කීව රැප් අයියාගේ රැප දෙල්වෙයි - Exclusive

- අම්මා මතක් කරලා අසැබි වචන කීව රැප් අයියාගේ රැප දෙල්වෙයි - ExclusiveHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

111,576 Views
''පොලිසියට, සංස්කෘතික අමාත්‍යාංශයට පැමිණිලි,
ජනපති දැනුවත් කරන්නත් පියවර''

පහුගිය දවසක ගල්කිස්සේ තිබ්බ සංගීත ප්‍රසංගයකට ආව රැප් කියන්න පුලුවන් කියලා හිතන් ඉන්න කයිසර් කියලා කෙනෙක්ට හිටපු තැන අමතක වුණා. කියන්නත් ලැජ්ජයි  මනුස්සයාට තරහ ගිහින් මතක් වුණේ වදපු අම්මව. පිටරට දේවල් අපේ කරගන්න සමහරු දඟලනවා වුණාට ඒ දේවල් හරියට කරන්න බැරි වුණාම රටක් ලෝකයක් ඉස්සරහා ලැජ්ජා වෙන්න වෙනවා කියලා ඒ වෙලාවේ මතක් වෙන්නේ නැතුව ඇති.

ඔය කයිසර් කියන හාදයා මයික් එක අරන් කැත විදියේ කතාවක් කීවා. ඔහු ඒ දේවල් ෂෝ එකට ආව අය ලව්වා කියවන්නත් ගත්තා. ඒ දේවල් කියන්නේ අම්මට කියලා එතන හිටපු එක්කෙනෙකුටවත් නොතේරුණු එක ගැනනම් පුදුමයි.


ඔහු කියපු වචන අපිට මෙතන සඳහන් කරන්න බැරි වුනත් ලංකාවේ ගොඩදෙනෙක් මේ ගැන දැනුවත්. ඔය සිද්ධිය ගැන සමාජජාලවල සෑහෙන්න කතාවුණා වගේම කයිසර්ට අම්මා මතක් වෙන්නම කොල්ලෝ ෆේස්බුක් එකේ ලුණු ඇඹුල් ඇතිවම කියලා තිබුණා.

ඒ වගේම රටට ආදරේ කරපු කලාකරුවනුත් මේ වීඩියෝ එක බලලා බොහොම කළකිරීමට ලක්වුණා. ඔවුන් තීරණේ කලේ ලංකාවේ සංගීත කන්න හදන මේ වගේ අය නීතිය හමුවට අරන් එන්න ඕනි කියලා. ඒ නිසාම කීර්ති පැස්කුවෙල් මහතා ඇතුළු පිරිසක් ඔහුට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක් දැම්මා.

මේ වෙද්දි ඒ පැමිණිල්ලට කටඋත්තර දෙන්න කයිසර් කියලා පුද්ගලයා පොලිසියට පෙනී ඉඳලා තියෙනවා කියලා ආරංචි. මේ ගැන හිරු ගොසිප් අපි කීර්ති පැස්කුවෙල් මහත්මයාගෙන් අහලා බැලුවා.

ඔහු අපිට ඒ ගැන කීවේ මේ විදියට.....

''රුප් කියන්නේ හොඳ ගීත කලාවක්, ඒ වගේ දේවල්වලට මේ වගේ අසභ්‍ය වචන පාවිච්චි කරන්නේ ඇයි කියලා තමයි ප්‍රශ්නේ, මේ තරම් පහත් මට්ටමකට වැටුනේ නෑ අවුරුදු 70ක් පරණ අපේ කලා ක්ෂේත්‍රය, ජාතියක් හැටියට එකා වගේ නැගී හිටලා අපි මේවා දැනුවත් කරන්න ඕනි, මේ ගැන මම සංස්කෘතික අමාත්‍යංශයට පැමිණිලි කලා, ඔවුන් දැඩි පියවරක් ගන්න යන්නේ ඒකට, ඒ වගේම ජනාධිපතිතුමාටත් මේ ගැන මම දැනුවත් කරනවා,''

අවාසනාවකට වගේ අපේ පාසැල් යන වයසේ පුංචි දරුවොත් මේ බීගෙන නටන රැප් අයියලා කියන පදේට නටනවා. වචන ටිකක් මූට්ටු  කරලා එකදිගට කියාගෙන ගියාම ඒක රැප එකක් වෙනවා කියලා තමයි එයාලා හිතන් ඉන්නේ.

ඔය රැප් කියන පුංචි මල්ලිලාටත් හොඳ හොඳ පෝස්ට් වගයක් හදලා පහුගිය ටිකේම ෆේස්බුක් එකේ ශෙයාර් වුණා. ඒ වගේම සමහරු ඔය රැප් අයියාව දැනගෙන තිබුණෙත් මේ වගේ සිද්ධියක් වුණාට පස්සේ කියලා ෆේස්බුක් එකේ දාලා තිබුණා. රැප් කියන අයියලාට වැඳගෙන හිටියට තරහා ගියාම අම්මා මතක් නොවෙන හරිහමන් රැපර් කෙනෙක් පස්සේ ගියානම් ඒ මල්ලිලා ටිකවත් අපිට ගොඩගන්න පුලුවන් වෙයි කියලා තමයි මිනිස්සු කියන්නේ.

මේ තමයි කීර්ති පැස්කුවෙල් මහත්මයා හිරු ගොසිප් අපිත් එක්ක කීව කතාවේ සම්පූර්ණ හඬපටය....

Make a Comment
Make a Comment






Recent Gossip Post




Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  3,388 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  3,172 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  1,698 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  1,092 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  3,063 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  18,095 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  8,981 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,318 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  12,788 Downloads

Ape Adare - Nishantha Godagama ft Nimanthi Geethika
Ape Adare
Nishantha Godagama ft Nimanthi Geethika
⤵  7,655 Downloads



Top 10 Commenters

Latest Comments

Top