ලංකාවේ ක්‍රිකට් ලෝලීන් එක එක විදියයි. මොකද මැච් දිනන දවසට හුරේ කියන අයමයි එක දිගට පරදිනකොට පලුයන්න බනින්නේ.
ඊයේ (6) මැච් එක අතරෙත් ඔය වගේ සිද්ධියක් වෙලා කියලා හිරු ගොසිප් අපිට ආරංචි වුණා. මැක්ස්වෙල් ඊයේ ගහපු විදියට ලංකාවේ මොන පන්දුයවන්නා පන්දු යැව්වත් ඔහු 6ක් හෝ 4ක් ගහන තත්වෙක හිටියේ.
මේ අතර පන්දු ඕවරයක් යවන්න සචිත්‍ර පිටියට ආවා. ඔහුටත් මැක්ස්වෙල් දිගට හරහට පහර එල්ල කලේ ලංකාවේ පන්දුයවන්නෝ අන්ත අසරණ කරලා. ඒ අස්සේ මැච් එක බලපු ක්‍රිකට් ලෝලියෙක් කියලා හිතන් ඉන්න කෙනෙක් හරිම කැත විදියට සචිත්‍රට ෆේස්බුක් එකේ මැසේජ් එකක් දාලා.
ඒ ගැන අද උදේම සචිත්‍ර ෆේස්බුක් එකේ දාලා තිබුණේ ''මෙයා තමයි මට ක්‍රිකට් ගහන්න ඉගැන්නුවේ බොහොම ස්තූතියි'' කියලා. මොන දේ වුනත් ඔය විදියට ක්‍රිකට් ක්‍රීඩකයින්ට බනින එකනම් කවුරුත් අනුමත කරන්නේ නෑ...