තම සුරතලා වූ beagle වර්ගයේ සුනඛයෙක් සමග මහමඟ ගමන් කළ කාන්තාවක් තවත් සුනඛයෙක් විසින් සපා කන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එහි දැක්වෙන ආකාරයට එම කාන්තාවගේ සුනඛයා වෙනත් පුද්ගලයෙකු සමග පැමිණෙන pit Bull වර්ගයේ සුනඛයෙක් සපා කනවා.
එහිදී තම සුරතලාව බේරා ගැනීමට උත්සහ දරණ අවස්ථාවේදී pit bull වර්ගයේ සුනඛයා විසින් එම කාන්තාවගේ උරහිස ප්‍රදේශය සපා කනවා.
කෙසේ වෙතත් මහමග රැස්ව සිටි පිරිසකගේ දැඩි පරිශ්‍රමයෙන් කාන්තාවගේ සුනඛයා බේරාගනු ලබනවා.
පසුව එම ස්ථානයට පොලිසියද පැමිණි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
එහිදී අදාල කාන්තාව ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබෙනවා. එම අවස්ථාව අසල සිටි පුද්ගලයෙකු විසින් පටිගත කර තිබුණේ මෙලෙසින්.