කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් පළමුව අත්අඩංගුවට ගත් පාසල් සිසුවා ගොනු කල පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම සිසුවාට පහර දුන් පොලිස් නිලධාරීන්ගේ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඊයේ(30) පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.
කිසිම වරදකට සම්බන්ධ නැති තමුන්ව, පොලිස් භාරයේ රදවා තබා ගනිමින් පහර දී තමන්ට එම වරද භාර ගන්නා ලෙසත් එයින් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව එම පෙත්සමේ සදහන් වන බව අප ආරංචි මාර්ග පවසනවා.
මෙහිදී කොටදෙණියාව පොලීසියේ ස්ථානාධිපතිවරයා, මීගමුව සහකාර පොලිස් අධිකාරීවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා පත්කර තිබෙන බවටයි සදහන් වෙන්නේ.
මෙම සිසුවා විසින් තමන්ට සිදු වූ අසාධාරණය වෙනුවෙන් රුපියල් කෝටියක වන්දියක් ද ඉල්ලා ඇති අතර ඔහුට පහරදුන් පොලිස් නිලධාරීන්ගේ ඡායාරූපද මෙම සිසුවා අධිකරණයට ඉදිරිපත් කර ඇති බව වාර්ථා වෙනවා. කෙසේ නමුත් පාසල් යන වයසේදීම මෙවැනි අපහසුතාවයකට පත්වූ මෙම සිසුවා පිලිබද මුලු රටම අවධානෙන් පසු වෙනවා.