ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වෙබ් අඩවියට අනවසරයෙන් පිවිස එහි දත්ත වෙනස් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අත්අඩංගුවට පත්වූ වයස 17ක් වන සිසුවාට හා වයස අවුරුදු 27ක් වන තරුණයාට දඬුවම් නියම කර තිබෙනවා.
ඒ අනුව කඩුගන්නාවේදී අත්අඩංගුවට ගත් වයස 17 සිසුවා පරිවාස භාරයට යොමු කර ඇති අතර මොරටුවේදී අත්අඩංගුවට ගත් තරුණයා ලබන මස 2වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබෙනවා.
ජනාධිපතිවරයාගේ නිළ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී එහි දත්ත වෙනස් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මොවුන් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා.
පසුව ඔවුන් අලුත්කඩේ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ඔවුන්ට මෙලෙස දඬුවම් නියමකර ඇත්තේ. එමෙන්ම මොවුන් දෙදෙනා එකිනෙකාට හඳුනන බවත් මොරටුවේ තරුණයා විසින් කඩුගන්නාවේ සිටි වයස 17 සිසුවාට මේ සඳහා අනුබල දී ඇති බවත් පැවසෙනවා.