ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුලු වී එහි දත්ත වෙනස් කළ වයස 17ක සිසුවෙකු කඩුගන්නාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර අනවසරයෙන් වෙබ් අඩවියට ඇතුල්වීම හා එහි දත්ත වෙනස් කිරීම සම්බන්දයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.