මේ ලෝකේ සමහර මිනිස්සුන්ට ඕනිතරම් සල්ලි තියෙනවා. ඒත් සමහරු ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්. ඒ අය කොච්චර අසරණද කියනවා නම් සමහර අවස්ථාවල තමන්ගේම කෙනෙක් මේ ලෝකේ දාලා ගියපු වෙලාවට ඒ ගැන අවසන් කටයුතු කරන්න පවා ඔවුන්ට අපහසු වෙනවා.
මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්. මේ සංවේදී සිදුවීම වෙලා තියෙන්නේ ඉන්දියාවේ. රෝහලේදී මියගියපු තමන්ගේ බිරිඳගේ මළ සිරුර නිවෙසට ගෙනයන්න වාහනයක් කුලියට ගන්න මුදල් නැතිනිසා මේ පුද්ගලයා මියගියපු බිරිදගේ සිරුරු අරගෙන එන්නේ කරේ තියාගෙන.
ඔහු කිලෝමීටර් 60ක් මේ විදියට ගමන් කරපු හැටි ගැන මේ වෙද්දි ඉන්දියාවේ ගොඩ දෙනෙක් කතා වෙනවා. මොකද ඔහු ගිලන් රථයක් ලබාදෙන ලෙස රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලුවත් ඒකට ඔවුන් කැමැත්ත ප්‍රකාශ කරලා නෑ.