Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
24
''තරඟ පවාදිමෙන් අනූෂ සමරනායක නිදහස්, ශ්‍රී ලංකා ක්‍රිකට් නිහඩයි, ගයාන් විශ්වජිත් ගැන අපට ප්‍රශ්නයක් නෑ'' ශ්‍රී ලංකා ක්‍රිකට් කියයි

- ''තරඟ පවාදිමෙන් අනූෂ සමරනායක නිදහස්, ශ්‍රී ලංකා ක්‍රිකට් නිහඩයි, ගයාන් විශ්වජිත් ගැන අපට ප්‍රශ්නයක් නෑ'' ශ්‍රී ලංකා ක්‍රිකට් කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15 Views
පසුගිය කාලය පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධව අසන්නට ලැබුණේ එතරම් සුභදායක ආරංචි නොවේ. ඒ මුදලට තරඟ පාවාදීමේ සිද්ධි මෙන්ම තහනම් උත්තේජක සිද්ධි සම්බන්දයෙන් විවිධ පාර්ශවයන් වෙත චෝදනා එල්ලවීමත් ක්‍රිකට් ආයතනයේ ඇතැම් පුද්ගලයින්ගේ වැඩ තහනම් වීමත් නිසාවෙන්.

අතර සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ පුහුණුකරුවකු වන අනූෂ සමරනායක තරඟ පාවාදීමට සම්බන්ධ බව කියමින් වැඩ තහනම් වූ අයෙක්. නමුත් මේ වනවිට ICC ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා ඇත්තේ  අනූෂ සමරනායක තරඟ පාවාදීමට සම්බන්ධ බවට සනාථ කළ හැකි කිසිදු සාක්ෂියක් ලැබී නැති බවයි.



ICC දූෂණ විරෝධී විධිවිධාන උල්ලංඝනය කළ බවට ACU දූෂණ විමර්ෂණ ඒකකය පැවැත්වූ පරීක්ෂණයේදී කිසිදු සාක්ෂියක් අනාවරණය වී නොමැති බැවින් ඔහුට විරුද්ධව කිසිදු පියවරක් ගැනීමට සූදානමක් නැති බවත් ICC පවසා තිබෙනවා.

ඒ බව දැනුම් දෙමින් ICCයේ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් අනූෂ සමරනායක වෙත යවන ලද ඊමේල් පණිවුඩයේ පිටපතක් හිරු ගොසිප් අපවෙතද ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා සහ රංගන හේරත් තරඟ පාවාදීම පිණිස යොදවා ගැනීමේ උත්සාහයක් පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පසුගිය වසරේ FCID පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණිලි කර තිබුණු අතර ඒ කාලයේදී තරඟ පාවාදීමට සහාය දීමේ චෝදනා මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනූෂ සමරනායකගේ වැඩ තහනම් කර තිබුණා.

ඉන් අනතුරුව මෙම ක්‍රීඩකයන් දෙදෙනාත්, නායක ඇන්ජලෝ මැතිව්ස් සහ හිටපු කළමනාකාරවරයාත් කැඳවා පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.

අධිකරණයට ඉදිරිපත් කිරීමට තරම් කිසිදු බරපතල චෝදනාවක් එහිදී හෙළිදරවු නොවූ බැවින් එම පැමිණිල්ල ඉවත දමන ලද බව  නම හෙළි නොකරන මෙන් ඉල්ලා සිටි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරියෙක් බීබීසී සංදේශයට පවසා තිබුණු අතර කෙසේ පරීක්ෂණයේ ප්‍රතිඵලය කවරක් දැයි තමන්ට දැනුම් නොදීම තමන් ඇතුළු කණ්ඩායමේ ක්‍රීඩකයන් දැඩි මානසික අසහනයකට ලක් කරන්නක් බව පසුගිය එංගලන්ත සංචාරය අතරවාරයේ ක්‍රීඩක රංගන හේරත් පවසා තිබුණා.

මේ පරීක්ෂණවලට නම ඈඳුණු ගයාන් විශ්වජිත් නම් පුද්ගලයාගේද පරීක්ෂණ අවසන්ව ඇති බවට වාර්තා වන අතර ඔහු ක්‍රිකට් ආයතනයට සම්බන්ධ නොවන අයෙකු නිසාවෙන් ඒ සම්බන්ධව ක්‍රිකට් ආයතනයට ගැටලුවක් නොමැති බව පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top