ජර්මනියේ ෆ‍්‍රෑන්ක්ෆර්ට් නුවර සහ කොළඹ අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමනක් පැය 15ක් පමා කිරීමට හේතු වූ කපිතාන්වරයාගේ නියමු බලපත්‍රය අත්හිටුවීමට සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නියෝග කර තිබෙනවා.
පසුගිය අගෝස්තු 19 වන දා ෆ‍්‍රෑන්ක්ෆර්ට් නුවර සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානයේ සේවයට අනුයුක්ත මෙම කපිතාන්වරයා එම ගුවන් තොටුපළේදී සිදුකළ මත්පැන් පරීක්ෂාවෙන් අසමත් වුණා.
ඉන් පසු ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටුවීමටයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය තීරණය කළේ.
එම සිද්ධියට අදාළ පරීක්ෂණ නිම වන තුරු ඔහුට නිකුත් කළ නියමු බලපත්‍රය අත්හිටුවන බව සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂවරයා ඊයේ ලිපියක් යොමු කර තිබෙනවා.
ඔහුගේ නියමු බලපත්‍රය අවලංගු නොකිරීමට දින 7ක් ඇතුළත හේතු දක්වන ලෙසයි සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂවරයා එමගින් වැඩිදුරටත් දන්වා ඇත්තේ.