රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල අද (22) නිමාවට පත්වුණා. මෙවර රියෝ ඔලිම්පික් උළෙල සිය සමාප්තිය සනිටුහන් කරනු ලබන්නේ 2020 ඔලිම්පික් උළෙල සඳහා ජපානයට ආරාධනා කරමින්.
රියෝ ඔලිම්පික් උළෙලේ මෙවර පෙරමුණ ගෙන ඇත්තේ ඇමරිකාවයි. ඒ රන් පදක්කම් 46 ක් සමඟ මුළු පදක්කම් 121 ක් ලබා ගනිමින්.
රන් පදක්කම් 27ක් සමඟ මුළු පදක්කම් 67ක් ලබා ගත් මහා බ්‍රිතාන්‍යය දෙවන ස්ථානයටත්, රන් පදක්කම් 26ක් සමඟ මුළු පදක්කම් 70ක් ලබා ගත් චීනය තුන්වන ස්ථානයටත් පත් වුණා.
සත්කාරක බ්‍රසීලයට හිමිවූයේ පදක්කම් සටහනේ 13 වන ස්ථානයයි. රන් පදක්කම් 7ක් ද සමඟ ඔවුන් ලබාගත් මුළු පදක්කම් සංඛ්‍යාව 19ක්.
රියෝ ඔලිම්පික් උළෙල උත්කර්ෂවත්ව අවසන් වූ අයුරු පහතින්...