ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝමාගම සංවිධායක ධුරයෙන් ඉවත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන අද (21) ප්‍රකාශ කළා.
හෝමාගම - පිටිපන ප්‍රදේශයේ ඉදිකෙරෙන හරිත විශ්වවිද්‍යාලයේ සංචාරයකට එක්වූ මන්ත්‍රීවරයා සදහන් කළේ එහි ඉදිකිරීම් පසුගිය රජය සමයේ ආරම්භ කළ බවයි.
එහෙත්, එහි සමරු ඵලක ඉවත් කිරීමේ උත්සාහයක් පිළිබදව වාර්තා වූ බව ද මන්ත්‍රීවරයා කියා සිටියා.
ඒ අනුව, ඉල්ලා අස්වීමේ ලිපිය අද රාත්‍රියේ දී ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට අපේක්ෂා කරන බවයි මන්ත්‍රීවරයා සදහන් කළේ.