අද (20) රියෝ ඔලිම්පික් ක්රීඩා උළෙලේ කාගේත් අවධානය යොමු වූ පිරිමි 100x4 තරඟයේ ජය හිමිකරගැනීමට ජැමෙයිකානු පිල සමත් වුණා.
මේ අතර තරඟයට සහභාගී ඇමරිකානු පිලට නොසිතූ පරාජයකට මුහුණ දෙන්නට වුණේ ඔවුන්ගේ තරඟයේ නීති කඩකරමින් තරඟවැදීම හේතුකරගෙනයි.
උසෙයින් බෝල්ට් මෙන්ම අසාෆා පවෙල්, යොහාන් බ්ලේක් සහ නිකල් ඇශ්මිඩ් ප්රමුඛ ජැමෙයිකානු පිළ තරඟයේ ඉදිරියට යද්දී ගැට්ලින් හා අනෙක් සහයක ක්රීඩකයා තරඟය අතර යෂ්ටිය හුවමාරු කිරීම නිවැරදි සීමාව තුල සිදුකර තිබුනේ නැහැ.
තරඟයෙන් අනතුරුව මේ බව නොදත් ඇමරිකානු ක්රීඩකයින් ධජය රැගෙන 3වන ස්ථානය දිනාගැනීමේ සතුට සැමරුවත් පසුව පුළුල් තිරයේ එකවරම දිස්වුණේ ඔවුන් තරඟයෙන් ඉවත්ව ඇති බවයි.