ජනප්‍රිය නිළියක් වුණු දුලානි අනුරාධා මේ දවස්වල වැඩිය සද්දයක් නැති නිසා හිරු ගොසිප් අපි ඇය එක්ක පුංචි කතාබහකට එක්වුණා. ක්ෂේත්‍රයේ වැඩිය දකින්න නොලැබුණු එක ගැන ඇය කියන්නේ තමන් නිර්මාණ කරන්නේ තෝරගෙන බේරගෙන කියලා.
රඟපාන්න කියන චරිතය තමන්ගේ හිතට ආකර්ෂණය වුනොත් විතරක් ඒ ගැන හිතලා බලලා රංගනයෙන් දායකවෙනවා කියලා ඇය අපිට කීවා.
ඒ වගේම තනිකඩ දිවියට සමුදෙන්න හිතක් නැද්ද කියලා අහපු වෙලාවෙක දුලානි කීව කතාවෙනම් මොකක්ද රහසක් හැංගිලා තියෙනවා කියලා අපිට හිතුනා.